සොරකම් ගණනාවකට සම්බන්ධ සැකකරුවකු හෙරොයින් මත්කුඩු ග්රැම් 01ක් හා මිලිග්රැම් 850ක් සමග හපුගල ප්‍රදේශයේ දි අත්අඩංගුවට ගත්බැව් පොද්දල පොලිසිය පවසයි.
මෙකි සැකකරු විසින් හපුගල, සරසවි අසපුව, මවුන්ටපර්සන්ට වත්ත ආදි ප්‍රදේශවල කරණු ලැබු නිවාස හා වෙළදසැල් බිදුම් ගණනාවකට සම්බන්ධ බව පොලීසිය පවසයි.
සැකකරු විසින් නිවසක් බිද රුපියල් 1.25000ක් වටිනා රන් භාණ්ඩ පානදුර ප්‍රදේශයේ පුද්ගලික උගස් මධ්‍යස්ථානයකට උගස්කොට ඇති බැව් පොලිස් පරික්ෂණවලදි අනාවරණය වි ඇත. සිල්ලර වෙළදසැල් බිද භාණ්ඩ සොරකම් කොට ඇති බවද පොලීසිය පවසයි
අත්අඩංගුවට ගත් සැකකරු 38 හැවිරිදි වියේ පසුවන අයෙකි. මොහු දැඩිලෙස මත්කුඩුවලට ඇබ්බැහිවි ඇති අයකු බව පොලීසිය පවසයි. සැකකාර පුද්ගලයා විසින් දිනකට රුපියල් 8000ක පමණ මත්කුඩු පානය කරන බව පොලිස් පරික්ෂණවලදි අනාවරණය වි ඇත.
මෙකි සැකකරුගේ ජිවිත කාලයෙන් වසර 18ක් පමණ මත්කුඩු ළග තබා ගැනිම හා සොරකම් සම්බන්ධයෙන් වරින්වර බන්ධනාගාරගතව සිට ඇති බැව පොලිසිය පවසයි. සැකකරු බන්ධනාගාරගතව සිට නිදහස්ව පැමිණ ඇත්තේ මිට මාස 02කට පමණ ඉහතදිය.
සැකකරු අද (04) අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව තිබුණි.