එක්සත් ජාතික පක්ෂය විසින් ක්‍රියාත්මක කරන 'සිරිකොත ගමට' ප්‍රවර්ධන වැඩසටහන අද දින (10) ආරම්භ වේ.
එහි ආරම්භක පියවර කළුතර දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වේ.
කළුතර දිස්ත්‍රික්කයේ ගමින් ගමට යමින් පාක්ෂිකයන්ගේ ගැටලු හඳුනා ගනිමින් ඒවාට යෝජනා ලබා ගැනීම අද දිනය පුරා සිදු කෙරේ.
එක්සත් ජාතික පක්ෂ නායක, අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම වැඩසටහන සඳහා සියලුම නායකයින්, කළුතර දිස්ත්‍රික් පක්ෂ ක්රියාකාරිකයන් එක්වන අතර පක්ෂ නායකයන් දිනය පුරා කළුතර දිස්ත්‍රික්කයේ සිය පාක්ෂිකයන් සමග රැඳී සිටින බවයි එජාප මහ ලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසන්නේ.
මෙම වැඩසටහන රටපුරා සියලු දිස්ත්‍රික්කවල ක්‍රියාත්මක කිරීමට නියමිතයි.
මෙහි දෙවැනි අදියර අනුරාධපුර දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වෙන බව එජාප මහලේකම්වරයා පවසයි.