ජාතික තොරතුරු හා සයිබර් ආරක්ෂණ මූලෝපායික සැලැස්ම යටතේ, සයිබර් ආරක්ෂණ පනත මේ වසර තුළ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා ප්‍රකාශ කරයි.
ඒ මහතා පෙන්වා දෙන්නේ මෙම පනත තුළින් අනිෂ්ට ක්‍රිය කාරීන් විසින් ඩිජිටල් පද්ධති අනිසි ලෙස භාවිතා කිරීමේ අවධානම පාලනය කිරීමට සහ තීරණාත්මක ඩිජිටල් යටිතල පහසුකම් ආරක්ෂා කිරීමට අවශ්‍ය න්‍යතික රාමුව සකස් කිරීමටත්, තොරතුරු හා සයිබර් ආරක්ෂණ න්යායාමන අධිකාරිය පිහිටුවීමට ද හැකිවන බවයි.
කනක හේරත් මහතා මේ බව කියා සිටියේ ශ්‍රී ලංකාවේ නව සයිබර් ආරක්ෂණ මූලෝපායික සැලැස්ම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය ( CERT) සහ ලෝක බැංකුව ඒකාබද්ධව කොළඹ දී, සංවිධානය කළ වැඩමුළුවකට සහභාගි වෙමිනි.
කොළඹ කින්ග්ස්බරි හෝටලයේ පැවැති මෙම වැඩ මුළුව සඳහා අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, ඇතුළු රාජ්‍ය ආයතන නියෝජනය කරමින් තොරතුරු තාක්ෂණ අංශයේ නිලධාරීන් සිය දෙනෙකුට ආරාධනය කර තිබුණි.
මෙහිදී අදහස් දැක්වූ තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා කියා සිටියේ තොරතුරු තාක්ෂණ අංශයේ සංවර්ධනයත් සමඟ සයිබර් ආරක්ෂණය සම්බන්ධයෙන් රජය විශේෂ අවධානය යොමු කර ඇතිබවයි.
ශ්‍රී ලංකාවේ නව සයිබර් ආරක්ෂණ මූලෝපායික සැලැස්ම සඳහා ලෝක බැංකුව ලබා දෙන තාක්ෂණික සහ විශේෂඥ උපදේශන සහායට ප්‍රසාදය පලකළ කනක හේරත් මහතා මෙම උත්සහය ශ්‍රී ලංකාව, ඩිජිටල් පරිවර්තනයක් සඳහා පියවර තබන මොහොතක අතීශය වැදගත් බවද පෙන්වා දුන්නේය.