ඇ.ඩො. බිලියන 3.7ක ආයෝජනයකින් හම්බන්තොට ප්‍රදේශයේ ආරම්භ කිරීමට නියමිත නව තෙල් පිරිපහදු ව්‍යාපෘතියේ ප්‍රගතිය සහ ව්‍යාපෘතිය පිළිබඳ නොවිසඳුනු ගැටලු සාකච්ඡා කිරීමට චීනයේ සයිනොපෙක් සමාගමේ උප සභාපති ලියැන්ගොං මහතා ඇතුළු දස දෙනෙකුගෙන් යුතු නියෝජිත කණ්ඩායමක් අද (15) දින විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යංශයේදී අමාත්‍ය විජිත් හේරත් මහතා හමුව තිබේ.
මෙම ව්‍යාපෘතිය ආරම්භ කිරීම සම්බන්ධයෙන් වසර ගණනාවක් තිස්සේ පැවැති ගැටලුවලින් විශාල ප්‍රමාණයක් විසඳාලීමට ලබා දුන් සහයෝගය සයිනොපෙක් සමාගමේ උප සභාපතිවරයා අගය කර තිබේ. ඒ අනුව දිනකට බැරල් ලක්ෂ 02ක් දක්වා නිෂ්පාදනය කිරීම සඳහා වන මෙම ව්‍යාපෘති ගිවිසුම ඉකුත් ජනවාරි මස අත්සන් කිරීමට හැකි වූ බව ද වැඩිදුරටත් ඒ මහතා පෙන්වා දුන්නේ ය. මෙම ව්‍යාපෘතිය රටවල් දෙකටම වැදගත් වන ව්‍යාපෘතියක් හෙයින් කඩිනමින් ව්‍යාපෘතිය ආරම්භ කිරීමට ලියැංගොං මහතා එකඟතාව පළ කළේ ය.
ශ්‍රී ලංකාව සහ එහි ආර්ථිකයට විදේශ ආයෝජන තුළින් සිදුවන ධනාත්මක බලපෑම හේතුවෙන් මෙම ව්‍යාපෘතිය ආරම්භ කිරීමට පවතින බාධා ඉතා ඉක්මණින් විසඳීමට මැදිහත් වන බව අමාත්‍යවරයා අවධාරණය කර තිබේ. ඒ අනුව ප්‍රමාදයකින් තොරව ව්‍යාපෘතිය ආරම්භ කිරීමට දෙපාර්ශවය එකඟතාව ඇති කරගනු ලැබීය.
