ගල්කිස්ස පොලිස් වසමේ සොයිසාපුර ප්රදේශයේ පිහිටි හෝටලයකට වෙඩි තැබීමේ සිදුවීමට අදාළව සැකකරුවෙක් පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
පසුගිය 29 වන දා අළුයම සොයිසාපුර ප්රදේශයේ පිහිටි හෝටලයකට වැගන් ආර් කාර් රථයකින් පැමිණි නාඳුනන පිරිසක් විසින් ස්වයංක්රීය ගිනි අවිවලින් එම හෝටලයේ වීදුරුවලට වෙඩි තබා ඔවුන් පලා ගොස් තිබුණු අතර සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවෙකු පොලිස් විශේෂ කාර්ය බලකා බුද්ධි අංශයේ නිලධාරින් විසින් ඊයේ(30) රාත්රී 8 ට පමණ එලුවිල, පානදුර ප්රදේශයේ දී අත්අඩංගුවට ගෙන ගල්කිස්ස පොලිස් ස්ථානයට ඉදිරිපත් කර ඇත.
