දිවයිනේ පවතින සියලුම පොල් ඉඩම් වර්ෂ 1971 අංක 46 දරණ පොල් සංවර්ධන පනත යටතේ ලියාපදිංචි කිරීම අනිවාර්යය බව පොල් වගා කිරීමේ මණ්ඩලය නිවේදනය කරයි.
ඒ අනුව මින් ඉදිරියට පොල් වගා කිරිමේ මන්ඩලය මගින් ක්‍රියාත්මක කරනු ලබන ව්‍යාපෘති සේවා හා අනෙකුත් සහනාධාර වැඩසටහන් සඳහා පොල් වගා කිරිමේ මණ්ඩලය යටතේ ලියාපදිංචි වූ පොල් ඉඩම් පමණක් සුදුසුකම් ලබනු ඇත.
දිවයිනේ පවතින පොල් ඉඩම් පිළිබඳ නිවැරදි දත්ත තබා ගැනීම, ඉදිරි සැලසුම් සකස් කිරීම, පොල් ඉඩම්වල ඵලදායිතාවය නිවැරදිව අධීක්ෂණය කිරීම, පොල් ඉඩම් සංරක්ෂනය කිරීම යන අරමුණු පෙරදැරි කරගෙන පොල් වගා කිරීමේ මණ්ඩලය මගින් මෙම තීරණය ගෙන තිබේ.
මේ පිළිබඳව වැඩිදුර තොරතුරු පොල් සංවර්ධන නිලධාරී මගින්, 0112861011/0766904804 දුරකතන අංක ඔස්සේ පොල් වගා කිරීමේ මණඩලයේ තොරතුරු ඒකකය ඇමතීමෙන් හෝ 1920 ක්ෂණික අංකය ඇමතීමෙන් ලබාගත හැකි බව ඔවුන් නිවේදනය කරයි.