පිලියන්දල සමුපකාර ඉන්ධන පිරවුම් හලේ කිව්.ආර් කේතය පරික්ෂා කිරීම සඳහා යොදා ගන්නා ස්මාර්ට් වර්ගයේ ජංගම දුරකථන දෙකක් සොරාගත් බව කියන යුද හමුදාවෙ හිටපු කපිතාන්වරයෙකු සහ මූල්‍ය සමාගමක කළමනාකරුවෙකු අත්අඩංගුවට ගත් බව පිලියන්දල පොලිසිය පවසයි.
සැකකරුවන් පැමිණි ත්‍රිරෝද රථය ද පොලිස් බාරයට ගෙන ඇත.
රුපියල් අසූ දහසක් පමණ වටිනා නැති වූ ජංගම දුරකථන දෙක සම්බන්ධයෙන් එහි කළමනාකරු කරන ලද පැමිණිල්ලක් අනුව විමර්ශන ආරම්භ කෙරිණි.
ඉකුත් 17දා රාත්‍රී 10 . 30 ට පමණ ඉන්ධන ලබා ගැනීම සඳහා පැමිණ තිබූ සැකකරුවන් එහි සිටි පොම්පකරු නිදාගෙන සිටින අයුරු දැක ඉන්ධන පොම්පය අසල තිබූ ජංගම දුරකතන දෙක සොරාගෙන තී රෝද රථයෙන් පලාගොස් තිබූ බව පොලිසිය කීයයි.
එම සොරකම සම්බන්ධයෙන් ඉන්ධනහලේ සවිකර තිබෙන සවිකර තිබෙන සීසීටීවී දර්ශන පරික්ෂා කිරීමේදී පුද්ගලයන් තිදෙනෙකු ත්‍රිරෝද රථයකින් පැමිණ මෙම සොරකම සිදුකර තිබෙන බවට විමර්ශනවලදී අනාවරණය විය.
ඒ ඔස්සේ විමර්ශන පැවැත්වූ පොලිසිය සැකකරුවන් දෙදෙනා පිළියන්දල දී අත්අඩංගුවට ගනු ලැබීය.
අත්අඩංගුවට ගත් හමුදා කපිතාන්වරයා හමුදා සේවයෙන් ඉවත් වීම සඳහා ලිපි භාර දී ඇතැයිද අනෙක් පුද්ගලයා රාජගිරිය ප්‍රදේශයේ මූල්‍ය සමාගමක කළමනාකරුවෙක් බවද පොලිසිය කියයි
අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ පවත්වන අනෙක් සැකකරු හිටපු කපිතාන්වරයාගේ ඥාතී සහෝදරයෙක් බව සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් පිළියන්දල සහ වේරහැර වත්ත පදිංචිකරුවන් ය
සැකකරුවන් දෙදෙනා කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
පිලියන්දල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සනත් රංජිත් මහතාගේ උපදෙස් මත අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක දිනේෂ් හෙට්ටිආරච්චි මහතා ඇතුළු කණ්ඩායමක් පරීක්ෂණ පවත්වයි.