සමාජ මාධ්‍ය තහනමට රාජ්‍ය ආයතන දෙකක විරෝධය
සමාජ මාධ්‍ය වාරණය කිරීමට රජය ගත් ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් රාජ්‍ය ආයතන දෙකක් විරෝධය දක්වා තිබේ.
මේ පිළිබඳව සඳහන් කරන ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව පවසන්නෙ සමාජ මාධ්‍ය වාරණය කිරීමට රජය ගත් තීරණය මානව හිමිකම් කඩ කිරීමක් බවයි.
ඒ අනුව වහාම ක්‍රියාත්මක වන පරිදි එම තහනම ඉවත් කරන ලෙස මානව හිමිකම් කොමිෂන් සභාව ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව වෙත දන්වා තිබේ.
මේ අතර ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාවද සඳහන් කරන්නේ විදුලි කප්පාදුව සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමට ඇති අවස්ථාව සමාජ මාධ්‍ය වාරණය නිසා අහිමිවන බැවින් එම තහනම ඉවත් කිරීමට කටයුතු කරන ලෙසයි.
සියලුම දුරකතන ක්‍රියාකරුවන්ට හා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවට මේ පිළිබඳව මහජන උපයෝගීතා කොමිෂන් සභාව දන්වා තිබේ.
popular news
-
Priyantha Sunday, 03 April 2022 09:48 AM
MONTESSORI DECISIONS BY GOVERNMENT
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

