ඉතිහායේ ප්‍රථම වතාවට ශ්‍රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලය ඉහළම මූල්‍යමය ප්‍රගතියක් ලබා ඇති බව සමෘද්ධි, ගෘහ ආර්ථික ක්ෂුද්‍ර මූල්‍ය ස්වයං රැකියා හා ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පැවැසීය.
2021 වර්ෂයේදී එම ආයතනයට රුපියල් මිලියන 450 ක මුදලක් අත්කර ගැනීමට හැකි වූ බවඳ ඒ මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කළේය.
“ශ්‍රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලය විසින් විශ්‍රාම වැටුප් හා සමාජ ආරක්ෂණ යෝජනා ක්‍රමය සඳහා 2021 වර්ෂයේදී 56,916 ක නව සාමාජික ප්‍රමාණයක් බදවා ගෙන තිබෙනවා. එහි මුල්‍යමය අගය රුපියල් මිලියන 139.62 කි.
මේ සියල්ල අතරතුර ප්රථිලාභින් සඳහා විශ්‍රාම වැටුප් , පාරිතෝෂිත සහ අධ්‍යාපන කඩයිම් ප්රතිලාභ ලෙස රුපියල් මිලියන 362.61 ක මුදලක් 2021 වර්ෂයේදී පමනක් ගෙවීමට කටයුතු කරලා තිබෙනවා.
ශ්‍රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලය මුදල් අමාත්‍යාංශය යටතේ සහ සමෘද්ධි , ගෘහ ආර්ථික, ක්ෂුද්‍ර මූල්‍ය , ස්වයං රැකියා හා ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වෙන රාජ්‍ය විශ්‍රාම වැටුපකින් ආවරණය නොවන සේවා නියුක්තිකයින් සඳහා රජයේ වගකීම් සහිත විශ්‍රාම වැටුප් ක්‍රම ක්‍රියාත්මක කිරීමට ස්ථාපිත රාජ්‍ය ආයතනයකි.”
