කඩවත පිහිටි ආයුර්වේද ස්පා(සම්බාහන) ආයතනයක කටයුතු සඳහා නීතියානුකූලව කටයුතු නොකිරීම සඳහා රුපියල් ලක්ෂයක අල්ලස් මුදලක් ලබා ගැනීමට තැත් කළ හිටපු පොලිස් පරීක්ෂක පරීක්ෂකවරයකු අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකාර පොලිස් පරීක්ෂකවරයා සපුගස්කන්ද පොලිසියේ රාජකාරි කරමින් සිටියදී 2023 .4. 21 දින සේවය අතහැර යාමේ නියෝග නිකුත් කර සිටි පුද්ගලයෙකු බවද පොලිසිය පවසයි,
මෙම ආයුර්වේද ස්පා ආයතනයේ කටයුතු කරදරයක් නොමැතිව කරගෙන යාමට සහ නීතියානුකූලව කටයුතු නොකිරීමට කඩවත පොලිසියේ රාජකාරි කරන පොලිස් පරීක්ෂකවරයෙකු ට ලබා දීමට යැයි පවසා සැකකරු ස්පා ආයතනයේ කළමනාකරුගෙන් මෙම මුදල ඉල්ලා ඇතැයි ද ඇතැයිද පොලිසිය පවසයි.
සැකකරුගේ ඉල්ලීමට එකඟ වූ කළමනාකාරවරයා සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ විමර්ෂණ කොමිෂන් සභාව දැනුවත් කර ඇති අතර. මුදල් ලබා දීම යැයි ද පවසා සැකකරු රාගම කඩවත ප්රදේශයට ඊයේ (2) පස්වරුවේ ගෙන්වාගෙන ඇත.