ඇතැම් තානාපතිවරුන් තම සීමාව ඉක්මවා යමින් ශ්‍රී ලංකා පොලීසිය තමන් යටතට පවරා ගැනීම පිළිබඳව විමසීම් කළ බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කළේය.
අද (06දා) දෙස් විදෙස් මාධ්‍ය ආයතන ප්‍රධානීන් හමුවෙමින් ඔහු මේ බව සඳහන් කළේය.
එසේම නීතිවිරෝධී මත්පැන් (කසිප්පු) එළැඹෙන වෙසක් පොහොය දිනට පෙර තුරන් කරන ලෙස තමන් පොලීසියට උපදෙස් දුන් බවද ජනපතිවරයා සඳහන් කළේය.
යාන්ත්‍රික කියත් ලියාපදිංචි කිරීම ආරම්භ කිරීම හරහා මේ දක්වා මේ දක්වා මාර්තු 5 දා වන විට කියත් 27000ක් පමණ ලියාපදිංචි කර ඇති බවද ජනපතිවරයා සඳහන් කළේය.
පොලීස් අභ්‍යන්තර කතාව දුක්ඛිත තත්ත්වයක් බවත් ඒ පිළිබඳව අවධානය යොමුකරන ලෙස තමන් මාධ්‍යයෙන් ඉල්ලා සිටින බවත් ජනපතිවරයා සදහන් කළේය.
තමන් ස්වාධීන කොමිෂන් සභා විවේචනය කළ බවත් එහි ඇති ගැටලු පිළිබඳ සඳහන් කළ බවත් ඔහු පැවැසීය.
පොලීසියේ පහළ නිලධාරීන්ට දැඩි පීඩනයක් ඇති බවත් ඔවුන් සිය වැටුප පිළිබඳව අතෘප්තියෙන් සිටින බවත් ජනපති සඳහන් කළේය.
කෙසේ වෙතත් ස්වාධීන කොමිෂන් සභා හොඳ සංකල්පයක් නමුත් ඒවා පාලනය කිරිමට නීති රීති සම්මත කර නොමැති බවද ජනපති පැවැසීය.