පසුගිය 20 වනදා ට පෙර දින හතරකට අදාළ නව ආසාදිතයන් 4808 දෙනෙකු එක් කරමින් නව සංශෝදනයක් සිදු කර තිබේ. රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනයේ දැක්වා තිබුනේ එම දින හතරක කාලය තුළ ප්‍රමාදවී වාර්තා කිරීම හේතුවෙන් මෙම සංඛ්‍යාව එක් කළ බවටයි.
ඒ අනුව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිල වශයෙන් තහවුරු කරන ලද මේ දක්වා වාර්තා වූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 385,696 ක් දක්වා ඉහළ ගොස් තිබේ.