එක්සත් ජාතීන්ගේ සංවිධානය උතුරු කොරියාවට පැනවූ සම්බාධක නොසළකා හරමින් ඔවුන් ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයකට රෙදි අපනයනය කරන ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වාර්තාවක් උපුටා දක්වන රොයිටර් පුවත් සේවය පවසන්නේ ශ්‍රී ලංකාව, චීනය, ඝානා, ඉන්දියාව, මෙක්සිකෝව, තායිලන්තය, තුර්කිය හා උරුගුවේ යන රටවල්වලට ඩොලර් මිලියන 100ක පමණ රෙදි අපනයනය කර ඇති බවයි.
එසේම උතුරු කොරියාව සම්බාධක පනවා තිබියදීත් සිය න්‍යෂ්ඨික හා මිසයිල පරීක්ෂණයක් නවත්වා නොමැති බවත් එම වාර්තාවෙන් පෙන්වා දී ඇත.
පිටු 149කින් යුතුව මෙම වාර්තාව එළි දක්වා ඇත.