ශ්‍රී ලංකාව වෙනුවෙන් තවත් ඩොලර් මිලියන 20ක ආධාරයක් ලබාදිමට ජාත්‍යන්තර සංවර්ධනය සඳහා ඇමෙරිකානු නියෝජිතායතනයේ පරිපාලන නිලධාරී සමන්තා පවර් මහත්මිය ප්‍රකාශ කරයි. මේ අනුව ඇයගේ ශ්‍රි ලංකා සංචාරය තුළදී ඇමෙරිකානු ඩොලර් මිලියන 60ක ආධාර ප්‍රකාශයට පත්කර තිබේ.
ගොවින්ට අවශ්‍ය පොහොර, කෘෂිකාර්මික යෙදවුම් ලබා ගැනිමට හා බලපෑමට ලක්වූ ගෝවීන්ට මුදල් අධාර ලබාදීම සඳහා මීට පෙර ඇමෙරිකානු ඩොලර් මිලියන 40ක ආධාර ප්‍රකාශයට පත්කළ අතර ඊට අමතරව මෙම ඩොලර් මිලියන 20ක අධාරය ප්‍රකාශයට පත්කර තිබේ.
ජනපතිවරයා හා පැවැති සාකච්ඡාවකදී ඇය මේ බව සඳහන් කර තිබේ. රට මුහුණ දී ඇති අභියෝග පිළිබඳ සසදා බලන විට එය ඉතා කුඩා ආධාරයක් බව තමන් පිළිගන්නා නමුත් ජාත්‍යන්තර මූල්‍ය ආයතනවල පෞද්ගලික අංශය සහ ශ්‍රී ලංකාව වෙත නව ආයෝජන ලබාදීම සදහා අපේක්ෂාවෙන් සිටින ආයෝජකයින්ටත්, සමස්ත ජනතාවටත් නව ප්‍රවේශයක් සඳහා අවශ්‍ය උත්ප්‍රේරකයක් වීමට තම රට සෑමවිටම කටයුතු කරන බවට ඇය ජනපතිවරයා හමුවේ සහතික වි තිබේ.
