සමනල වැව ජලාශයේ ගිලි අතුරුදන් වු තරුණයෙකුගේ සිරැර වැවේ ගිලි තිබියදි අද (06) දා දහවල් නාවික හමුදාව සහ පොලීසිය විසින් සොයාගත් බව බලන්ගොඩ පොලීසිය පවසයි.
බලන්ගොඩ අලුත්නුවර උඩ අරාව ප්රදේශයේ පදිංචිව සිටි නුවන් පියන්කර නැමැති (21) හැවිරිදි තරුණයෙකු මෙලෙස වැවේ ගිලි මියගොස් ඇතැයි පොලීසිය පවසයි.
ඊයේ (05) පස්වරුවේ තවත් තිදෙනෙකු සමග මොහු සමනල වැව ජලාශයේ දියනෑම සදහා බලන්ගොඩ උළුපිටිය ප්රදේශයෙන් සමනල වැවට බැස ඇත.
එහිදී මොහු වැවේ ගිලි අතුරුදන් වි තිබේ.
පොලීසිය සහ ප්රදේශවාසීන් එක්ව ඔහු සොයා ඊයේ (05) රාත්රිය වන තෙක් මෙහෙයුමක් දියත් කලද තොරතුරක් නොලැබිණි.
අද කිරින්ද නාවික හමුදා කදවුරේ නිලධාරීන් සහ බලන්ගොඩ පොලීසිය විසින් ඔහුගේ සිරුර වැවේ ගිලි තිබියදි සොයා ගන්නා ලදි.
පශ්චාත් මරණ පරික්ෂණ අද (06) බලන්ගොඩ මුලික රෝහල් දි පැවැත්විමට නියමිතව ඇත.
බලන්ගොඩ - රෝහණ වසන්ත