පෙත්සම් විභාගයට නොගෙන ප්‍රතික්ෂේප වුවත් අධිකරණ තීන්දුව නිසා පෙත්සම් ගොනු කළ කණ්ඩායම පෙත්සම් සඳහා සහයෝගය දුන් කණ්ඩායම ජයග්‍රහණය කළ බවත් එයින් විසි වෙනිදා ඡන්දය පැවැත්වීමට සූදානම්ව සිටි ආණ්ඩු පක්ෂය පරාජය වූ බව හිටපු අමාත්‍ය පී හැරිසන් මහතා පැවැසීය.
දඹුල්ල ප්‍රදේශයේ මාධ්‍ය හමුවක් පවත්වමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.
ජාතික සමගි බලවේගය කොපමණ ආසන සංඛ්‍යාවක් ජයග්‍රහණය කරනවාද යන්න තමාට මේ දිනවල ප්‍රකාශ කිරීමට නොහැකි බවත් ඉදිරි දින කිහිපය තුළදී ඒ බව සඳහන් කිරීමට හැකි බව ඒ මහතා පැවසීය.
මෙම මැතිවරණයේදී ප්‍රජාත්‍රන්ත්‍රවාදයට මරු පහරක් එල්ල වන බවත් එය නම් ඡන්දය ප්‍රකාශ කිරීමේ ජනතා ප්‍රතිශතය විශාල වශයෙන් අඩු වන මැතිවරණයක් බව හෙතෙම සඳහන් කළේය. සිදුවන්නේ කොරෝනා වසංගතය නිසාවෙන් බව ද ඒ මහතා සඳහන් කළේය.
ඡන්ද පොලේ සිටින එක් අයකුට කිවිසුමක් ගියහොත් මුළු ඡන්ද පොළම වසා දැමීමට සිදු වීමේ අවධානමක් පවතින බවද ඒ මහතා පැවැසීය. කිවිසුම් දෙකක් ගියොත් නිලධාරීන් පවා ඡන්ද පෙට්ටි දමා ගෙවල්වලට දිවයන බව ද ඒ මහතා සඳහන් කළේය.
ගතවූ හය මාසය ජනතාව කාපු හැටි මතක් වූ විගස මෙම ආණ්ඩුවට තුනෙන් දෙකේ බලය ලබා දෙනවාද යන්න ජනතාව තීරණය කරනු ඇතැයි තමා විශ්වාස කරන බව හැරිසන් හිටපු අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
එමෙන්ම හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතා මාධ්‍ය හමුවක් පවත්වමින් පෙරදා සඳහන් කර සිටියේ එක්සත් ජාතික පක්ෂයේ සිටි බොහෝ දෙනෙකු ඉවත් වීමත් සමඟ මේ වන විට එක්සත් ජාතික පක්ෂය ඉතා පිරිසිදු පක්ෂයක බවට පත්ව ඇති බවය . ඊට පිළිතුරු ලබාදුන් පී හැරිසන් මහතා සඳහන් කළේ තම මිත්‍රයා එක්සත් ජාතික පක්ෂයේ පිරිසිදුභාවය මැන්නෙ මොකෙන්ද යන්න ඔහු ප්‍රකාශ කළ යුතු බවය.
සමගි ජනබල වේගයෙන් ඡන්දය ඉල්ලන එක්සත් ජාතික පක්ෂයෙන් පැමිණි සියලු දෙනා තවමත් එක්සත් ජාතික පාක්ෂිකයන් බවත් කෘත්‍යාධිකාරි මණ්ඩලයේ අවසරය ලද නිසා සමගි ජන බලවේගය නිර්මාණය වූ බව ද හෙතෙම සඳහන් කළේය.
එක්සත් ජාතික පක්ෂයේ ව්‍යවස්ථාවේ අර්ථ නිරූපණය කුමක් තිබුණ ද තම සාමාජිකත්වය අහෝසි කිරිමට කිසිදු සදාචාරාත්මක අයිතියක් නැති බවද ඒ මහතා උදාහරණ සහිතව පෙන්වා දුන්නේය.
මැතිවරණ ප්‍රතිඵලයත් සමඟ බොහෝදුරට මෙම ප්රශ්නය විසඳෙන බවත් ඒ මහතා පැවසීය.
ඇමරිකාවේ පුද්ගලයන් මේ රටට ගුවන්තොටුපොළෙන් පැමිණෙද්දී කොරෝනා නීතිය ඉවත් කරමින් ක්‍රියාත්මක වන්නේ ඔවුන්ගේ ඥාතීන් හිතවතුන් ගේ නිවෙස්වලට පැමිණෙන නිසා යැයි ඒ මහතා සඳහන් කළේය . එවැනි සිද්ධින් ගැන අජිත් ජාසිංහ හා අජිත් රෝහණ මහතාගේ හඬ අවදි නොවන බවත් චෝදනා කළේය.
කාංචන කුමාර ආරියදාස