සමගි ජන බලවේගය ට සටන ඇත්තේ ආණ්ඩුව සමග මිස එක්සත් ජාතික පක්ෂය සමග නොවන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී , සමගි ජන බලවේගයේ මහනුවර දිස්ත්‍රික් ප්‍රධාන සංවිධායක අධි නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවයි .
ඒ මහතා එසේ පවසා සිටියේ වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් අද (28) සිදු කළ විමසීමකදි තම අදහස් දක්වමිනි.
එහිදී ඒ මහතා වැඩිදුරටත් අවධාරණය කර සිටියේ එක්සත් ජාතික පක්ෂය අද කුමන තීන්දු ගත්තත් සමගි ජන බලවේගය බිහිවූයේ එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය මණ්ඩලයේ අනුමැතිය මත බවයි.
අගමැති අපේක්ෂක ධුරය සජිත් ප්‍රේමදාස මහතාට ලබාදීමට කටයුතු කළේ ද කෘත්‍යාධිකාරි මණ්ඩල අනුමැතියක් මත බවත් අවධාරණය කළ ඒ මහතා ඒ බව එක්සත් ජාතික පාක්ෂිකයින් හොඳාකාරවම දන්නා බව ද අවධාරණය කළේය.
සමගි ජන බලවේගය සජිත් පේමදාස මහතාගේ නායකත්වයෙන් මහ මැතිවරණයට තරග කරන්නේ මේ රටේ ආණ්ඩු බලය ගෙන ජනතාවට යහපත් හෙටක් නිර්මාණය කරන්නට බවත් ඒ සඳහා සටන ඇත්තේ ජනතාව මත අසීමිත ජීවන බරක් පටවමින් සිටින ආණ්ඩුව සමග මිස එජාපය සමග නොවන බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.