මෙවර මැතිවරණය සම භූමියේ සටනක් ලෙස ක්‍රියාත්මක කරන බව මැතිවරණ කොමිෂමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවැසීය.
එසේම අධිකරණ තීන්දුව ලැබූ පමණින් වසංගතය අවසන් කියා නොසිතන ලෙසත් ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටියේය.
“නඩු තීන්දුව ලැබුණා කියලා ඡන්ද විමසීම යෝජිතයි කියලා වසංගතය අවසන් කියලා හිතන්න එපා. සෞඛ්‍ය සීමා කිරීම් අනුව කටයුතු කරන්න.
ඡන්දය පවත්වන්න තවත් සති ගාණයක් යනවා. නිරෝගිමත් පුරවැසියන් ලෙස ඉන්න නම් සෞඛ්‍ය උපදෙස් පිළිපදින්න ඕන.
මේ රෝගය පාලනය කිරීම තියෙන්නේ අපේ අතේ. රෝගය පාලනය කරගමු. නිදහස් සාධාරණ ඡන්ද විමසීමක් පවත්වමු.
මහා දැවැන්ත ඡන්ද රැළි තියන්න එපා. ඡන්ද දායකයන් ප්‍රවාහය කරන්න එපා. සමාජ දුරස්ථභාවය ආරක්ෂා කර ගන්න. කැරම් ගහන්න එපා. අඩි විස්සයි20 පංති කාමරයක පුටු 30ක් තියලා රැස්වීම් පවත්වන්න.
මේක සම භූමියේ සටනක් ලෙස එක ආකාරයට ක්‍රියාත්මක කිරීම වැදගත්. එක නායකයෙකුට, වෙන අයෙකුට වෙනත් සැලකිල්ලක් දැක්වීම මැතිවරණ කොමිෂන් සභාව සූදානම් නෑ.
රජ්‍ය දේපළ, රාජ්‍ය මාධ්‍ය භාවිතය ගැන අපි තදින් ඉන්නවා. දැන් මැතිවරණ ක්‍රියාවලිය ක්‍රියාත්මකයි. අද සිට සියලුම දිස්ත්‍රික්කවල මැතිවරණ පැමිණිලි විමර්ශන කාර්යාලය ක්‍රියාත්මක කරනවා.
හැම ඡන්ද මධ්‍යස්ථානයකටම සෞඛ්‍ය අංශ නිලධාරියෙක් යෙදවීමට කටයුතු කරන බවත් ඔහු පැවැසීය.
සෞඛ්‍ය අංශ සේවකයන්ට තැපැල් ඡන්ද අයදුම්පත් භාර දීම ජුනි 8 දා තෙක් දීර්ඝ කරන බවත් ඔහු පැවැසීය.
ඔවුන්ගේ තැපැල් ඡන්ද අයඳුම්පත් භාරදීමේ අවසන් දිනය ලෙස අද නම්කර තිබුණි.
ඡන්ද මධ්‍යස්ථාන පහක් හයක් වැනි පොකුරක් සෞඛ්‍ය අධීක්ෂණය කිරීමට කටයුතු කරන බවත් ඔහු පැවැසීය.