පළාත් සභා සීමා නිර්ණ වාර්තාව වැඩි ඡන්ද 139කින් පාර්ලිමේන්තුවේදී පරාජයට පත්විය. වාර්තාවට පක්ෂව එකදු ඡන්දයක් හෝ නොලැබුණ අතර විපක්ෂව ඡන්ද 139ක් ලැබුණි.
වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ විශයභාර අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතාද එයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළේය. ජනතා විමුක්ති පෙරමුණ ඡන්දය විමසන අවස්ථාවේදී පාර්ලිමේන්තුවේ නොසිටියේය.