ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයේ දෙවැනි වසරේ ඉංජිනේරු තාක්ෂණ පිිඨයේ සිසුන් හට නවක වඳය ලබා දිිමෙි සිද්ධිය සමිබන්දයෙන් සමනල වැව පොලිසියට ලද පැමිණිල්ලක අදාළ විමර්ශන කටයුතු අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දිි තිබෙන බව පොලිසිය පවසයි.
එම නවක වඳය ලබා දිම හේතුවෙන් සිත්තැවුලට පත්ව එම විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පිිඨයේ දෙවැනි වසරේ ඉගනුම ලබමින් සිටි විසි තුන් හැවිරිදි චරිත් දිල්ශාන් නැමති සිසුවා ඉකුත් (29 )වැනිදා සිය පදිංචි ගමිපොළ ඉහළගම ප්‍රදේශයේදි දිවි හානිකර ගෙන තිබෙන බවට වාර්තා වු බව සමනල වැව පොලිසිය පැවැසීය. මෙම නවක වඳය සිද්ධිය සමිබන්දයෙන් තවත් සිසුන් පිරිසක් සමනල පොලිසිය වෙත පැමිණි කර තිබුණි. පසුව මෙම නවක වඳය ලබා දිම සමිබන්දයෙන් ඔහුගේ මිතුරන් විසිදෙනෙකු විසින් සමනල වැව පොලිසිය වෙත ප්‍රකාශ ලබා දිිමට කටයුතු කරනු ලැබුහ.
ඔහු පසුගිය 27 වැනිදා විශ්වවිද්‍යාලයේ පැවැති අවුරුදු උත්සවයකටද සහභාගි වි සිටියේය.පසුවදා ඔහු නිවසට පැමිණි තිබෙන අතර 29 වැනිදා ගෙළ වැළලාගෙන මියගොස් ඇති අතර මවිපියෝ මෙි සමිබන්දයෙන් ගමිපොළ පොලිසියට සහ සරසවි මිතුරන් සමනල වැව පොලිසිය වෙත පැමිණිලි කර තිබුන බව සමනල වැව පොලිසිය පැවැසීය.
මෙිි අතර මෙිි අදාළ සිද්ධිය සමිබන්දයෙන් විශ්වවිද්‍යාලය මටිටමින්ද ත්‍රිපුද්ගල කමිටුවක්ද පත්කර තිබෙන බවත් ඒ පිළිබඳවව පරික්ෂණ කටයුතු සිදු කෙරෙන බවද විශ්වවිද්‍යාලයේ උපකුලපති ජේෂ්ඨ මහාචාර්ය සුනිල් ශාන්ත මහතා මෙසේ කරැණු පැහැදිලි කලේය.
රාස්සගල සමිපත් ප්‍රියනන්දන