සබරගමුවේ මාර්ග කි.මී. 40,000ක් සිතියම් ගත කරයි
රත්නපුර සහ කෑගල්ල දිස්ත්‍රික්ක දෙකේ පළාත් පාලන ආයතන සතු සියළුම මාර්ග පද්ධතීන් GIS තාක්ෂණය ඔස්සේ සිතියම් ගත කිරීමට පියවර ගෙන ඇත.
සබරගමු පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා විසින් 2023 ජනවාරි 24 වන දින ගැසට් පත්‍රය මඟින් පලකල නියෝග මාලාව අනුව මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට අදාළ උපදෙස් ලබා දී ඇති බව සබරගමු පළාත් පාලන කොමසාරිස් කීර්ති බණ්ඩාර මහතා පවසයි.
ඒ අනුව සබරගමුව පළාත් පාලන දෙපාර්තමේන්තුව මඟින් රත්නපුර මහනගර සභාව බලංගොඩ, කෑගල්ල, ඇඹිලිපිටිය නගර සභා සහ රත්නපුර සහ කෑගල්ල දිස්ත්‍රික්ක දෙකේ ප්‍රාදේශීය සභා 25ම ආවරණය වන පරිදි GIS තාක්ෂණය ඔස්සේ ඊට අයත් මාර්ග කි.මී.40,000ක් පමණ මෙලෙස සිතියම් ගත කිරීමට පියවර ගෙන ඇති බව සබරගමු පළාත් පාලන කොමසාරිස්වරයා පවසයි.
1987 අංක 15 දරණ ප්‍රාදේශිය සභා පනතේ 24 වන වගන්තියට යටත් සියලුම මංමාවත් වල නාම ලේඛණයක් අදාල පළාත් පාලන ආයතන විසින් සකස් කිරීම හා සීමා ලකුණු කිරීමේ කටයුතු පනත ක්‍රියාත්මක වීමෙන් වසර 3ක් ඇතුලත විධිමත්ව සිදුකර අවසන් කල යුතු විය.
එසේ වූවද රත්නපුර හා කෑගල්ල දිස්ත්‍රික්ක වලට අයත් පළාත් පාලන ආයතන වල එලෙස විධිමත් කර අවසන් මාර්ග ප්‍රමාණය කි.මී. 100කට ආසන්න වේ.
ශ්‍රී ලංකා මිනින්දෝරු දෙපාර්තමේන්තුව මගින් එම කාර්යය ඉටුකිරීමේදී ඔවුන් සතුව ප්‍රමාණවත් කාර්යමණ්ඩලයක් නොමැති වීම, මෙම කටයුතු වෙනුවෙන් විශාල වැයබරක් දැරීමට සිදුවීම හේතුවෙන් මෙම කටයුත්ත නිම කිරීම සදහා GIS තාක්ෂණය භාවිතයට ගනිමින් මෙම කටයුතු සිදුකිරීමට සබරගමුව පළාත් සභාව කටයුතු කල බව වැඩිදුරටත් අදහස් දැක්වූ බව ඒ මහතා පැවසීය.
popular news
-
වීරවර්ධන Wednesday, 07 June 2023 08:32 AM
කොහොම වුනත් ගැසට් පත්‍රයේ තියෙන නමින් නොමැතිව වෙනත් නම්වලින් හදුන්වන මාර්ග තියෙනවා මම දැක්කා එහෙම මාර්ගයක් ඒක මුලින්ම 1972 හෝ 1974 තමයි මුලින්ම ගැසට් කරල තියෙන්නෙ ඉන් පසුව 1993 දීත් නැවත ගැසට් කර තියෙනවා .ඒක ගැසට් එකේ තියෙන්නෙ හුන්ගෙවත්ත පොල්ගහකුඹුර පාර කියලා නමුත් ප්‍රාදේශීය සභා ගොඩනැගිල්ලේ පඩිපෙළ අයිනේ සවිකල සිතියමේ වෙනත් කුඹුරක නමින් වැරදි පාර්ක් තමයි දකින්නට තියෙන්නෙ කොහොම හරි මම කියන සභා ප්‍රදේශයේ මාර්ග වලට අනන්තවත් වැහිපීලි හරවා තියෙනවා මට කියන්න පුළුවන් 2023 වසරේ ඉදිකල නිවසක වහලය තියෙන්නෙ ඉඩමෙන් පිර ගැසට් මාර්ගයට වතුර වැටෙන්න තමයි ඒ වෙලාවෙ වහලය සකසද්දී සභාව දැනුවත් කලත් බැලුවෙ නැහැ ඒකයි සත්‍ය තත්වය මේ රත්නපුර දිස්ත්‍රික්කයේ සභාවක වැඩ තමයි
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

