2014 හා 2017 වසරවලදී සබරගමු පළාත් මහ ඇමති ලෙස කටයුතු කළ මහීපාල හේරත් මහතා මාසිකව තමන්ට හිමි ඉන්ධන
දීමනාවටට අමතරව තවත් ඉන්ධන ලීටර් 3000ක් ලබාගෙන ඇති බව කෝපා කමිටුවේදී අණාවරණය විය.
ඔහුට පළාත් ප්‍රධාන අමාත්‍යාංශයෙන් ඉන්ධන ලීටර් 1700ක් හිමිව තිබි ඇත. කෙසේ වෙතත් එවක මහ ඇමති ලෙස කටයුතු කළ
මහීපාල හේරත් මහතා සංවර්ධන නිර්මාණ හා යන්ත්‍රෝපකරණ අධිකාරියෙන් මෙන්ම මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියෙන් පිළිවෙළින්
ඉන්ධන ලීටර් 1500 බැගින් ඉන්ධන ලීටර් 3000ක් ලබාගෙන ඇති බව කෝපා කමිටුවේදී අණාවරණය විය.
මේ අනුව සබරගමුව මහ ඇමති වශයෙන් කටයුතු කළ මහ ඇමති මහිපාල හේරත් මහතා ඉන්ධන ලීටර් 4700ක් මාසිකව ලබාගෙන ඇති බවට අණාවරණය විය.