ලබන සඳුදා සිට අත්‍යාවශ්‍යම සිසුන් පමණක් පාසල්වලට කැඳවීමට විදුහල්පතිවරුන්ට අවසර ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ.
ඒ අනුව අප්‍රේල් 4 සිට 8 දක්වා කාලය තුළ වාර පරීක්ෂණ පැවැත්වෙන ශ්‍රේණිවල සිසුන් පමණක් පාසල්වලට කැඳවීමට තීරණය කර ඇත.
එසේ නමුත් මෙම කාලය තුළ ගුරුවරුන් හා අනෙකුත් කාර්ය මණ්ඩල පාසල්වලට පැමිණීම අනිවාර්ය කර ඇති අතර, ඔවුන් විසින් මෙම වර්ෂයේ වාර පරීක්ෂණවලට අදාළ කටයුතු හා මීළඟ පාසල් වාරය සැලසුම් කිරීම කළ යුතු බව අමාත්‍යාංශය දැනුම් දී තිබේ.