පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් බව පවසමින් කළුතර උතුර විවිධ පැමිණිලි අංශ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නිශාන් කුමාර මහතා පදිංචි වැලිපැන්න, බොන්දුපිටිය නිවසට ඊයේ (3දා) දහවල් වෑන් රථයකින් හය දෙනෙකුගෙන් යුත් සන්නද්ධ පිරිසක් කඩාවැදී ගිනි අවි සොයා පලාගොස් ඇතැයි වැලිපැන්න පොලිසිය කියයි.
පැමිණි පිරිස අනතුරුව ජංගම දුරකථන 3 ක්, රන් මුදුවක් කොල්ලකා පලාගොස් ඇතැයි වැලිපැන්න පොලිසිය පවසයි. කළු පාටට හුරු කබා සහ ආරක්ෂක හිස්වැසුම් මෙන්ම මුඛ ආවරණ පැළඳ ඔවුන් පැමිණි තිබේ.
සන්නද්ධ සාමාජිකයින් නිවසට කඩාවදින මොහොතේ පොලිස් පරීක්ෂකවරයා නිවසේ සිට නැති බවත් බවත් පොලිසිය සදහන් කරයි.
නිවසට කඩා වැදුණු පුද්ගලයන්ගෙන් තිදෙනකු කාමරයට ගොස් පොලිස් පරීක්ෂකවරයාගේ බිරිඳගේ අත් පටියකින් ගැට ගසා ගිනි අවියක් සම්බන්ධයෙන් තොරතුරු විමසා ඇයගේ හිසට සහ නිකටට ගිනි අවියකින් පහර දී ඇතැයි පොලීසිය සඳහන් කරයි.
අනතුරුව එම පිරිස අල්මාරි අවුස්සා ගිනි අවි සොයා ඇති අතර පසුව උඩුමහලට ගොස් කාමරයේ ඇඳෙහි දමා තිබූ මෙට්ට ද පෙරළා දමා ඇතැයි ද ඇය පොලිසියට ලබාදුන් ප්‍රකාශ ප්‍රකාශයක සඳහන් වේ.
අනතුරුව නිවසට යාබදව තිබෙන කුරුඳු ගබඩාවට ගොස් ඒ තුළ යකඩ ඉන්න කින් හාරා ගිනි අවි සොයා ඇති අතර අනතුරුව යාබදව තිබෙන දැව ගොඩක් ද පෙරළා දමා ගිනි අවි සොයා ඇතැයි පොලිසිය සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී ඇත.
සන්නද්ධ සාමාජිකයින් පිස්තෝල ගිනි අවි තුනක් රැගෙන ආ බවත්, පොලිස් පරීක්ෂකවරයාගේ බිරිඳ ලබාදුන් ලබා දුන් ප්‍රකාශයේ තවදුරටත් සඳහන් වේ.
අනතුරුව එම පුද්ගලයන් පොලිස් පරීක්ෂකවරයාගේ දියණියගේ මෙන්ම ඥාති දියණිය ගේ අත දරා තිබගේ අත දරා තිබූ ජංගම දුරකථන ත සහ පොලිස් පරීක්ෂකවරයාගේ දියණිය පැළඳ සිටි රන් මුදුවක් කොල්ලකා පලාගොස් ඇති බවට මෙතෙක් කල පරීක්ෂණවලදී හෙළිව ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයට පොලිස් නිල සුනඛයන් මෙන්ම ඇඟිලි සටහන් නිලධාරීන්ද යෙදූ බවත් ඊට අමතරව අපරාධ ස්ථාන පරීක්ෂණාගාරයේ නිලධාරීන් ද යොදවා පරීක්ෂණ සිදුකළ බවත් උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.
නිවසේ කාමරයේ තිබූ කැප් තොප්පියක් පොලිස් නිල සුනඛ ඉව කිරීමට ලබාදීමටද පොලිස් නිලධාරීන් කටයුතු කළ ද සාර්ථක තොරතුරක් අනාවරණය කර ගැනීමට නොහැකි වී ඇත.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැදගත් තොරතුරු රැසක් අනාවරණය වී ඇති අතර අවට සීසීටීවී දර්ශන පරික්ෂා කරමින් පවතින බවත් උසස් පොලිස් නිලධාරියා වැඩිදුරටත් පැවසීය.
බණ්ඩාරගම බිමල් ශ්‍යාමන් ජයසිංහ/පානදුර සුමිත් පොතුපිටිය