එන්නත් නැවත පිරවීමේ කර්මාන්ත ශාලාවක් ශ්‍රී ලංකාවේ ආරමභ කිරීමට චීනයේ සිනොෆාම් සමූහයේ සභාපති ලියු ජින්ග්සන් මහතාගේ අවධානය යොමුව ඇති බව බීජිංහි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසයි.
තානාපති කාර්යාලය පවසන්නේ සිනොෆාම් සභාපතිවරයා ඇතුළු එහි ඉහළ පෙළෙ කළමණාකරණ කණ්ඩායමක් හා චීනයේ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය පාලිත කොහොන මහතා අතර පැවැති හමුවකදී මෙම කරුණු අණාවරණය වූ බව තානාපති කාර්යාලය පවසයි.
මෙම හමුව පසුගිය 07 දා පවත්වා තිබේ. එහිදි ශ්‍රී ලංකාවේ එන්නත්කරණ ක්‍රියාවලිය වෙනුවෙන් සිනෝෆාම් එන්නත් අඛණ්ඩය ලබාදීම අගය කරමින් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ලබාදුන් පෞද්ගලික ලිපියක්ද තානාපතිවරයා විසින් සිනෝෆාම් සභාපතිවරයාට ලබාදී තිබේ.
මෙහිදී අදහස් දක්වා ඇති සභාපතිවරයා පවසා ඇත්තේ සිනොෆාම් ආයතනය තවදුරටත් ශ්‍රී ලංකාව සමඟ සහයෝගයෙන් කටයුතු කරන බවත් එන්නත් ලබා දෙන බවත්ය.
සිනොෆාම් එන්නත රටවල් 100 කට අධික සංඛ්‍යාවක භාවිතා කරන අතර රාජ්‍ය නායකයින් 50 කට අධික සංඛ්‍යාවක් සහ අනෙකුත් උසස් නිලධාරීන් එන්නත ලබා දී ඇති බව ඔහු පැවසීය. සිනොෆාම් එන්නත ලබා ගත් පුද්ගලයින්ට වාර්තා වූ අහිතකර බලපෑම් නොමැති බව ඔහු පැවසීය.