සිනෝෆාම් එන්නත ලබා ගැනීම සඳහා වඩාත් සුදුසු වයස් කාණ්ඩය සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේඥ කමිටුව විසින් තීරණය කරනු ඇති බව ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය සුදාත් සමරවීර මහතා පැවසීය.
මාධ්‍ය අමතමින් ඔහු කියා සිටියේ විශේෂඥ කමිටුව විසින් ඉදිරිපත් කරනු ලබන නිර්දේශයන් සමඟ අදාළ වයස් කාණ්ඩ තීරණය කරනු ඇති බවයි.
කෙසේ වෙතත්, සීනෝෆාම් එන්නත වයස අවුරුදු 18 ට අඩු අයට, ගර්භනී කාන්තාවන්ට සහ නිදන්ගත රෝග ඇති අයට ලබා නොදෙන බවත් ඔහු පැවැසීය
සිනෝෆාම් එන්නත මුලින්ම කොළඹ, හම්බන්තොට, මහනුවර සහ පුත්තලමේ සිටින චීන ජාතිකයන්ට ලබා දෙනු ඇත. වඩාත් සුදුසු වයස් කාණ්ඩය පිළිබඳව විශේෂඥ කමිටුව තීරණය කිරීමෙන් පසු ඉතිරි එන්නත් ලාංකිකයන්ට ලබාදීමට නියමිතව තිබේ.