හිටපු පුරාවිද්‍යා අධ්යක්ෂ ජනරාල් මහාචාර්ය සෙනරත් පරණවිතාන ශූරීන් සීගිරිය ගවේෂණය කිරීම සඳහා නැවතී සිටි ඉපැරණි නවාතැන්පොළ දෙස් විදෙස් සංචාරකයන්ට කුලියට ලබාදීම සඳහා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.
සංචාරක නිකේතනයක් ලෙස නම් කොට පසුගිය පළමුවැනිදා සිට මෙය දෙස් විදෙස් සංචාරකයන් හට මුදල් ගෙවා එහි සෙනරත් පරණවිතාරණ ශූරීන් වසර ගණනාවක් රැඳී සිටී ඉපැරණි නිවාසයේ කාමරවල මෙන්ම පරණවිතාන ශූරීන් භාවිතා කල ඇඳ ,පුටු, මේස, ආදී දේ ඕනෑම සංචාරකයෙකුට පරිහරණය කිරීමේ මෙන්ම ඔහු නිදාගත් ඇදේ නිදාගැනීමට පවා අවස්ථාව ද ලබාදී ඇතැයි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
සීගිරිය පව්ව ඉදිරිපිට ඉතා මනරම් ස්ථානයක පොල් අතු වලින් සෙවිලි කරන ලද කටුමැටි ගැසූ සංචාරක නිකේතනය සෙනරත් පරණවිතාරණ ශූරීන් වසර විසිපහකට පමණ වැඩි කාලයක් මෙහි රැඳී සිටි ස්ථානය බව ඉතිහාසයේ සඳහන් වේ.
අදටද එම නවාතැම්පළේ පොල් අතු සෙවිලි කොට පැරණි ආකාරයටම පවත්වාගෙන යනු ලබන අතර සිගිරිය ලොවට හදුන්වා දුන් නිවහන ලෙස මේ ස්ථානය හදුන්වයි .
සීගිරි කලාප භාර පුරාවිද්‍යා නිලධාරි ජී . නිලප්රේම් මහතාගෙන් අප මේ පිළිබඳව විමසීමේදී ඔහු කියා සිටියේ ඕනෑම දෙස් විදෙස් සංචාරකයකුට කොළඹ පුරාවිද්‍යා ප්‍රධාන කාර්යාලයෙන් මෙම නිවාඩු නිකේතනය මුදල් ගෙවා වෙන් කිරීමට අවශ්‍ය පහසුකම් සපයා තිබෙන බවය.
එමෙන්ම මෙම සෙනරත් පරණවිතාරණ මහතා සිටි නවාතැන්පළේ තිබුණු පැරණි භාණ්ඩ රැසක් මේ වනවිටත් කෞතුකාගාරයේ තැන්පත් කොට තිබෙන බව හෙතෙම සඳහන් කළේය. ඉතිරිව ඇති මේස පුටු ඇඳන් ආදී දේ සංචාරකයන්ගේ භාවිතය සඳහා යොදාගත හැකි බව ඔහු සඳහන් කර සිටියේය.
මහාචාර්ය සෙනරත් පරණවිතාරණ මහතා ශ්‍රී ලංකාව උදෙසා විශාල සේවාවක් සිදු කරනු ලැබිය. පළමුවන කාශ්‍යප රජු විසින් ඉදිකරන ලදැයි සැලකෙන සීගිරිය එළිපෙහෙළි කරවා සංරක්ෂණය කිරීමට පියවර ගත්තේය. සිගිරි කුරුටු ගී කියවීමට ඔහු දහස් වරකට වඩා සීගිරිය තරණය කර ඇතැයි ඉතිහාසයේ සඳහන්ව තිබේ .එමෙන්ම සීගිරියේ කුරුටු ගීත 685ක් කියවා පෙළගස්වා එහි අර්ථකතන ලබා දීමට වසර 25ක පමණ කාලයක ගවේෂණය සිදුකළ බව ඉතිහාසයේ සඳහන්ව තිබේ. එමෙන්ම සීගිරියේ නව සොයාගැනීම් රැසක් සෙනරත් පරණවිතාරණ ශූරීන් අතින් සිදුවූ වූයේ මෙම නිවහනේ රැඳී සිටින සමයේ බව ඉතිහාසයේ සඳහන්ව තිබේ.