එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පක්ෂ නායකයන් වසරකින් රැස්වී සාකච්ඡා කර නැති බව පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා අද (15දා) පැවසීය.
එජනිස විධායක සභාව අවසන් වරට රැස් වූයේ පසුගිය පළාත් පාලන මැතිවරණය ප්‍රකාශයට පත් කළ අවස්ථාවේදී බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.
බොරැල්ල ඇන්.ඇම් පෙරේරා කේන්ද්‍රය් පැවැති ඒකාබද්ධ විපකෂයේ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තුවේ ස්වාධීන වීමට අවශ්‍ය වී ඇති බැවින් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ විධායක සභාව රැස්කර තීරණයක් ගන්නැයි එහි මහලේකම් මහින්ද අමරවීර මහතාගෙන් ඉල්ලා සිටින බවයි.