රාජ්ය ඇමති සනත් නිශාන්ත හා සොහොයුරාගෙ නිවාස ගිනි තබා වනසා දැමිමට සම්බන්ධ සිද්දියේ ප්රධාන සැකකරුවකු වු හලාවත ජාතික ජන බලවේගය පක්ෂයෙ ප්රධාන සංවිධායක වරයා ආරච්චිකට්ටුව පොලිසිය මගින් අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමේන් පසු හලාවත අංක 2 මහෙස්ත්රාත් සසිත ද සිල්වා මහතා විසින් රුපියල් ලක්ෂ දෙකක ශරිර ඇප නියම කරමින් ඇප මත මුදා හැරිමට පොලිසියට නියෝග කෙරුණි.
මෙසේ ඇප මත මුදා හැරිම සිදු වුයේ හලාවත ජාතික ජන බලවේගය පක්ෂයෙ ආසන ප්රධාන සංවිධායක අජීත් ගිහාන් මහතාය.
පසුගිය මැයි 9 දින ආරච්චිකට්ටුව ප්රදේශයෙ පිහිටි රාජ්ය ඇමති සනත් නිශාන්ත පෙරේරා හා ඔහුගෙ සොහොයුරා වන ආරච්චිකට්ටුව ප්රාදේශීය සභවේ හිටපු සභාපති ( වත්මන් පොදුජන පෙරමුණ ප්රාදේශීය සභා මන්ත්රී) ජගත් සමන්ත යන මහත්වරුන්ට අයත් නිවාස ගිනි තබා විනාශ කිරීම සම්බන්ධව මෙසේ ආරච්චිකට්ටුව පොලිසිය මගින් අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුනී.
අවස්ථා කිපයකදි ජාතික ජනබල හලාවත සංවිධායකවරයා අත් අඩංගුවට ගැනිමට ආරච්චිකට්ටුව පොලිසිය කටයුතු කර තිබුනද ඒ සදහා ඔහුගෙ නිතිඥයින්ගෙන් එල්ල වු විරෝධතා හේතුවෙන් දුරකථන තොරතුරු ලබා ගැනිමේන් පසු අදාල සංවිධායක වරයා පොලිසියෙන් අත් අඩංගුවට ගෙන ගැනිම සිදුව තිබුනී.
අධිකරණයෙ කරුණු ඉදිරිපත් කල ආරච්චිකට්ටුව පොලිස් නිළධාරින් පවසා සිටියේ අදාල සැකකරු සම්බන්ධව දුරකථන තොරතුරු වාර්තාවක් ලබා ගත් බවත් අදාල සිදුවිම වන දවසෙ මෙම සැකකරු අදාල ගිනි තැබිම සිදුවු ප්රදේශයෙ සිට දුරකථන ඇමතුම් රැසක් ලබා ගෙන ඇති බවයි.
ඒ අනුව මෙම සැකකරු අදලා ගිනි තැබිම් වලට සම්බන්ධයක් ඇති බවට තොරතුරු සනාථ වන බවට අධිකරණයෙ කරුණු දක්වන්නට විය.
ඒ සමගම පොලිස් නිළධාරින් විසින් මෙම සැකකරු අදලා දුරකථන කුළුණු වාර්තා ලබා ගත් ප්රදේශයෙම පදිංචි කරුවෙකු වන බවත්ය.
අදාල සැකකාර ජා.ජ බ සංවිධායකවරයා වෙනුවෙන් පෙනි සිටි නිතිඥ ස්විනි පෙරේරා හා රුවන් චමින්ද මහත්වරුන් ඒ සදහා දැඩි විරෝධය මතුකරන්නට විය.
මෙම නිවස වලට ගිනි තැබු දිනයෙ විශාල පිරිසක් එක්ව පැමින තිබෙනවා.ඒ පිරිස හදුනා ගැනිමක් පවා සිදුකර නැහැ.නමුත් මේ වන විට මෙම ගිනි තැබිමට 80 කට ආසන්න පිරිසක් විටින් විට පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා.
ඒ සෑම අයකුම මේ වන විට ඇප ලබා තිබේනවා.අදාල ගිනි තැබිම සම්බන්ධව දැමු පැමිනිල්ල මත දේශපාලන වශයෙන් පලි ගැනිම් මේ වන විට සිදුවෙමින් පවතිනවා.
අපගෙ සේවා දායකයාගෙන් දේශපාලනික වශයෙන් පලි ගැනිමක් මේ හේතුවෙන් සිදුව තිබෙනවා යැයි නිතිඥවරුන් අධිකරණයෙදි පවසන්නට විය.
කරුණු සලකා බැලු මහෙස්ත්රාත්වරයා සැකකාර ජා.ජ.බ සංවිධායකවරයාට රුපියල් ලක්ෂ දෙකක ශරීර ඇප නියම කල අතර ගුවන් ගමන් තහනම් කරමින් නියෝගයක්ද නිකුත් කෙරුණි.
මේ සම්බන්ධ නඩුව 2023 මැයි 11 දක්වා කල් තැබිනි.