තලවකැලේ, සෙන්ක්ලෙයාර් රක්ෂිතය අද (28) රාත්රි 7.00 ට පමණ ගිනි ගැනීමකට ලක්ව ඇතැයි තලවකැලේ පොලීසිය පවසයි.
රක්ෂිතය තුල හටගත් ගිනි ගැනීමෙන් එහි අක්කර 30 කට අධික කොටසක් සම්පුර්ණයෙන්ම විනාශයට පත්ව ඇති බවට සැක කරන බව තලවකැලේ- ලිඳුල නගර සභාවේ සභාපති එල්. භාරතිදාසන් මහතා පැවැසීය.
තලවකැලේ පොලීසිය, තලවකැලේ යුධහමුදා නිලධාරීන් හා ප්රදේශවාසීන් එකතුව රක්ෂිතයේ හටගෙන තිබු ගින්න මේ වනවිට යම්තාක් දුරකට පාලන කිරීමට පියවර ගෙන තිබිණි.
සෙන්ක්ලෙයාර් දිය ඇල්ලට මායිම්ව පිහිටි මෙම රක්ෂියට කිසියම් පුද්ගලයෙකු හෝ පුද්ගලයන් පිරිසක් විසින් මෙසේ ගිනි තබන්නට ඇති බවට පොලීසිය සැක කරයි.
ශාන් හුලංනුගේ