ආන්දෝනයට තුඩු දුන් සුදු වෑන් හි රියදුරන් වශයෙන් කටයුතු කටයුතු කළ බවට සඳහන් කරමින් හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සමග මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වූ පුද්ගයල් දෙදෙනා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඊයේ (13දා) රාත්‍රියේ සැකකරුවන් අත්අඩංගුවට ගනු ලැබූවේ සිංහලයේ සංවිධානයේ ජාතික සංවිධායක කුමුදු ප්‍රදීප් සංජීව මහතා විසින් කළ පැමිණිල්ලක් අනුවය.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අතුල සංජීව මදනායක සහ ඇන්තනී ඩග්ලස් ප්‍රනාන්දු යන දෙදෙනෙකි.