වාද්දූව, හෝටලයක් තුළ පැවැති සාදයක් අතරතුළදී පුද්ගලයන් සිවු දෙනෙකු හදිසි අසනීප තත්ත්වයකට ගොදුරුවීමෙන් අනතුරුව පානදුර රෝහලට ඇතුළත් කිරීමෙන් පසු පුද්ගලයන් දෙදෙනෙක් සැකකටයුතු ලෙස මියගොස් ඇතැයි පොලීසිය පවසයි.
මරණකරුවන් අවුරුදු 36 හා 20වන වියේ පසුවන කැස්බෑව හා දිවුලපිටිය ප්රදේශයේ පදිංචිකරුවන් බවත් පොලීසිය පවසයි. පශ්චාත් මරණ පරීක්ෂණ අද දිනයේදී සිදුකිරීමට නියමිත බවද පොලීසිය පවසයි.