රජයෙන් ලබා දීමට නියම කල රුපියල් 5000 දීමනාව ලංකා සතොස සේවකයින්ට මෙතෙක් ලැබී නැතැයි සතොස සේවකයින් චෝදනා කරයි.
ඒ අනුව 450කට ආසන්න දිවයින පුරා පිහිටි අලෙවිසැල් ජාලයට අනුයුක්තව සේවය කරන හාර දහස් පන්සියයකට අධික සේවකයින් සහ ඊට අනුබන්ධ ආයතනවල සේවකයින්ට මෙම දීමනාව ලැබී නැතැයිද ඔවුන් පෙන්වා දෙයි.
රාජ්‍ය හා අර්ධ රාජ්‍ය ආයතනවල සේවකයින්ට මෙම දීමනාව ගෙවා තිබියදී සතොස අලෙවිසැල් ජාලයට සම්බන්ධ සේවක සේවිකාවන්ට මෙම දීනමනාව නොගෙවීම අසාධාරණ ක්‍රියාවක් බවද ඔවුන් චෝදනා කරයි.
ඔවුන් පෙන්වාදෙනුයේ ඉකුත් කොරෝනා වසංගත සමයේදි අලෙවිසැල් විවෘකර කර දිවි පරදුවට තබා රාජකාරි කල තමන්ට මෙම රුපියල් 5000 දිමනාව නොගෙවීම බලවත් අසාධාරණයක් බවත් එම වසංගත සමයේ සතොස අලෙවිසැල් විවෘත කර සිදුකල වෙළඳාමෙන් ඉකුත් සැප්තැම්බර් මාසයේදි පමණක් බිලියන 04ක ලාභයක් උපයා දීමට සතොස සේවකයන් සහය දැක්වූ බවයි.
මේ පිලිබඳව සතොස ප්‍රධාන කාර්යාලයෙන් සිදුකල විමසීමකදි එහි ප්‍රකාශකයෙකු සඳහන් කරනුයේ එම පන්දහසේ දීමනවා පසුගිය වැටුපට බැර නොවූ බවත් මේ සම්බන්ධයෙන් සතොස මානව සම්පත් දෙපාර්තමේන්තුව වෙත වාර්තාවක් ඉදිරිපත් කර තිබෙන අතර එහි නිර්දේශ සතියක් හෝ දෙකක් ඇතුලත ලැබීමට නියමිත බවත් ඒ අනුව අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බවයි.
මත්තේගොඩ ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න