සතොසේ හාල්, පරිප්පු, සීනි, හාල්මැස්සෝ මිල පහළට
සතොස මගින් අලෙවි කරන භාණ්ඩ 7ක මිල ගණන් අද (9) සිට ක්රියාත්මක වන පරිදි අඩු කර ඇතැයි එහි සභාපති පසඳ යාපා අබේවර්ධන මහතා පැවසීය.
ආනයනික සුදු කැකුළු කිලෝවක මිල රුපියලු 10කින් අඩු කර තිබේ. නව මිල රුපියල් 185යි.
ආනයනික සුදු නාඩු කිලෝවක මිල රුපියල් 4කින් අඩුකර තිබේ. නව මිල 194යි.
සුදු සීනි කිලෝවක මිල රුපියල් 19 කින් අඩුකර තිබේ. නව මිල 279යි.
රතු පරිප්පු කිලෝවක මිල රුපියල් 31 කින් අඩුකර තිබේ. නව මිල 429යි.
ආනයනික හාල්මැස්සන් කිලෝවක් රුපියල් 25කින් අඩුකර තිබේ. නව මිල 1350යි.
සුදුළුණු කිලෝවක මිල රුපියල් 155 කින් අඩුකර තිබේ. නව මිල 595යි.
වටානා කිලෝවක මිල රුපියල් 60 කින් අඩුකර තිබේ. නව මිල 315යි.
මීට අමතරව අඩු ආදායම් ලාභී වතුකර ජනතාව ජීවත් වන ප්රදේශවල සතොස අලෙවිසැල් හරහා පාන් පිටි කිලෝවක් රුපියල් 310 කට අලෙවි කිරීමට කටයුතු කර ඇති බව ද පසඳ යාපා අබේවර්ධන මහතා සඳහන් කළේය.
popular news
-
Stg Saturday, 10 September 2022 06:08 AM
Paththare Sathosa badu mila pahalata, But Sathose Badu Netha,Marai Ne?
Reply : 0 0
Stg Saturday, 10 September 2022 06:08 AM
Paththare Sathosa badu mila pahalata, But Sathose Badu Netha,Marai Ne?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

