සිරුරේ පිලිස්සුම් ස්ථාන කීපයක් සහිතව , ඊයේ (10 දා) දහවල් රස්නායකපුර නම්මුවාවේ නිවසක ඇඳක් මත.තබා තිබූ පුද්ගල මළ.සිරුර පිළිබඳව පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කල ,නිකවැරටිය මූලික රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී වෛද්‍ය එම් සිද්ධික් මහතා මෙය විදුලිය සැර වැදීමකින් සිදු වූවක් බවට වාර්තා කලේය.
නිකවැරටිය මූලික රෝහලේදී ,කොබෙයිගනේ හදිසි මරණ පරීක්ෂක ආර්.එම්.ධර්මසේන මහතා ඉදිරියේ හදිසි මරණ පරීක්ෂණය සිදු කල අතර, මෙලෙස මියගොස් සිටියේ රස්නායකපුර ,නම්මුවාව ලිපිනයේ පදිංචි ,57 වියැති තිදරු පියෙකු වන උදුමා ලෙබ්බේ සේගු ඉස්මයිල් නැමති ගොවි මහතතෙකි.
ගොවි මහතාට අයත් අක්කර දහයක පමණ වූ ඉඩමෙහි වගාවන් වන සතුන් ගෙන් වගා.ආරක්ෂා කර ගැණීම සඳහාත් ,වගා බිමේ වතුර මෝටර් ක්‍රියා කිරීම සඳහාත් නිවසේ සිට ලබාගත් අනවසර විදුලිය රැහැනක පැටලීමෙන් ගොවි මහතා ඊයේ (10 දා) දහවල් විදුලිය සැර වැදී ඇති බවට මරණ පරීක්ෂණයේදී අනාවරණය විය..
වගා බිමේදී විදුලිය සැර වැදීමෙන් විදුලිය රැහැන් මත වැටී සිටි ගොවි මහතාව එම විදුලිය රැහැන් වලින් ඉවත් කර , ඥාතින් විසින් නිවසට රැගෙන විත් ,නිවසේ ඇඳක් මත තබා තිබියදී, හදිසි මරණ පරීක්ෂක වරයා සහ ,රස්නායකපුර පොලීසිය පරීක්ෂණ සිදු කිරීමෙන් අනතුරුව ,මරණකරුගේ සිරුර ,හදිසි මරණ පරීක්ෂණය සඳහා නිකවැරටිය මූලික රෝහලට රැගෙන විත් තිබුණි .
මරණ පරීපරීක්ෂණයේදී සාක්ෂි ලබා දුන් මරණ කරුගේ බිරිඳ වන රස්නායකපුර ,නම්මුවාව ලිපිනයේ පදිංචි ඩබ් ගීතා ප්‍රියංගනී (56) යන අය මෙසේ පැවසුවාය .
" මියගොස් සිටින්නේ මගේ දෙවන සැමියායි. සිද්ධිය වූ දින උදේ අවධි වුන සැමියා තේ එක බීලා ,හරක් පැටියා බඳින්න යන බව කියා .ඉඩමේ පල්ලෙහාට ගියා. දවල් වෙන තුරු ආපසු නිවසට ආවේ නැති නිසා මම සැමියා සොයන්න වත්ත පල්ලෙහාට ගියා ,ඒ යන විට වගා බිමේ සතුන්ට ඇද තිබු විදුලිය කම්බි මත සැමියා මුනින් අතට වැටී සිටියා. මම කෑහුවා . මම ක්ලාන්තය වුනා. ඊට පසුව මොනවා වුනාද කියා මා දන්නේ නෑ . අපේ නිවසේ සිට වත්තේ පහල කොටසේ වගා බිමට වතුර මෝටර් වලට නිවසේ සිට විදුලිය ලබාගෙන තිබුණාා, එම වයර් හරහා සතුන්ට විදුලිය කම්බිත් දමා තිබුණා.ඒවා ගෙන් සැමියාට විදුලිය සැර වැදී,ඔහු මිය යන්න ඇති කියා මා සිතනවා. "
ස්ථාන පරීක්ෂාවෙන් හා මරණ පරීක්ෂණයේ දී ,ලැබුණ සාක්ෂි වලින් සහ වෛද්‍ය වාර්තාවට අනුව මෙම මරණය විදුලිය සැර වැදීමෙන් සිදු වූ හදිසි මරණයක් බවට , කොබෙයිගනේ හදිසි මරණ පරීක්ෂක ආර්.එම්.ධර්මසේන මහතා නිගමනය කලේය .
සිද්ධිය සම්බන්ධයෙන් රස්නායකපුර පොලීසිය වැඩි දුරටත් පරීක්ෂණ සිදු කෙරේ.
නිකවැරටිය ප්‍රියාණි මංගලිකා
