තිරිඟු පිටි රැගත් කන්ටේනර් 100ක් පමණ රැගෙන විත් ඇති බවත් ඒ් අනුව මෙම සතියේ සිට තිරිඟු පිටි මිල අඩුවෙනු ඇති බවත් අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තුවේදී පැවැසීය.
“පාන් පිටි මිල ගැන විශාල ප්‍රශ්නයක් තිබෙනවා. සමාගම් දෙකක් තමයි මේ රටට අවශ්‍ය කරන පාන් පිටි නිෂ්පාදනය කරන්නේ.
තිරිඟු ඇට ගෙන්වා ගන්න ඩොලර් නොමැතිකම නිසා ඒ් සමාගම් දෙක විශාල ප්‍රශ්නයකට මුහුණ දුන්නා. ඒ් නිසා තමයි විකල්පවලට ගිහිල්ලා තිරිඟු පිටි ආනයනය කරන්න තීරණයක් ගත්තේ.
ඒයිනුත් සියයට 90ක් පමණ ආනයනය කළේ ඉන්දියාවෙන්. දැන් ඉන්දීය රජය තිරිඟු පිටි අපනයනය තහනම් කළා.
ඒ නිසා අපට තවත් විශාල ගැටලුවකට මුහුණ පාන්න සිදුවුණා. දැන් අපි ඩුබායි හා තුර්කි රාජ්‍යයන් වලින් තමයි ආනයන කටයුතු සිදු කරන්නේ.
මේ ක්‍රියාවලියට මාසයක් පමණ ගත වුණා. ඒ් අතරතුර තිරිඟු පිටි අඩුවක් සිදුවුණා. ඒ් අනුව තමයි විශාල වශයෙන් මිල වැඩිවීමක් සිදු වුණේ.
දැනටත් කන්ටේනර් 100ක් විතර ඇවිත් තිබෙනවා. මේ සතියේ සිට තිරිඟු පිටි ලැබෙනවා. ඒ් අනුව මිල පහළ යාවි. තිරිඟු පිටි සඳහා පාලන මිලක් නෑ.
සති දෙකක් විතර යද්දි අපිට පාන් පිටි කිලෝවක් රුපියල් 250 සීමාවට ගෙන්න ගන්න පුළුවන්.”