සති අන්තයේ රාත්රී කාලයේ විදුලිය කප්පාදුවක් නොකරන බව මහජන උපයෝගිතා කොමිසම පවසයි.
හෙට (26) දිනයේ ඒ, බී සහ සී යන කළාපවලට පැය 3 ක් ද, සෙසු කළාපවලට පැය 2 යි විනාඩි 30 ක් ද, පෙරවරු 8.30 සිට පස්වරු 5.30 දක්වා කාලය තුළ විදුලිය විසන්ධි කිරිමට නිියමිතය.
අනිද්දා (27) දිනයේ ඒ, බී සහ සී යන කළාපවලට (දකුණු පළාතට) පමණක් පැය 2 යි විනාඩි 30 ක් විදුලිය විසන්ධි කළ ද සෙසු කළාපවල විදුලිය විසන්ධි නොකිරිමට තීරණය කර තබේ.
දකුණු පළාතේ විදුලි කප්පාදුව දිවා කාලයටපමණක් සිදුකරයි.