රාත්‍රී කාලයේ අක්‍රියව පවතින මහනුවර නගරය සක්‍රිය කොට දෙස් විදෙස් සංචාරකයන්ගේ ආකර්ෂණය දිනාගත හැකි ආකාරයේ විශේෂ වැඩසටහනක් මහනුවර නගරය කේන්ද්‍ර කර ගනිමින් මේ මස 16 සහ 17 ජන දෙදින සංවිධානය කොට තිබේ.
මහනුවර නගරයේ ප්‍රධාන පෙලේ හෝටල් ජාලය, අනෙකුත් වෙළඳ ආයතන, සංස්කෘතික අංග, ක්‍රීඩා ඇතුළු අංග ගණනාවකින් යුක්තව සංවිධානය කොට ඇති මෙම වැඩසටහනේ මූලික පරමාර්ථය වන්නේ මහනුවර නගරය තුළ රාත්‍රී කාලයේ දෙස් විදෙස් සංචාරකයන් රඳවා ගැනීමයි.
මෙම වැඩසටහන මහනුවර නගරයේ දළදා වීදිය සහ කොටුගොඩැල්ල වීදියේ ඉදිකෙරෙන තාවකාලික කුටිවල වෙළඳසැල් පවත්වාගෙන යාමට වෙළඳ ආයතන වලට අවසර දෙන බවත් පළමු සති අන්ත දින දෙකේ එම වෙළඳ කුටි නොමිලයේ ලබාදීමට නියමිතය.
මධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්යාලය, මධ්‍යම පළාත් සභාව, මහනුවර මහ නගර සභාව ඇතුළු මහනුවර නගරයේ සියලුම වෙළඳ සංගම් වල සහභාගිත්වයෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මක වන බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය එස්.බී.එස්. අබයකෝන් මහතා පැවසීය.
ආණ්ඩුකාර කාර්යාලයේදී පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදී ඒ මහතා වැඩිදුරටත් අවධාරණය කර සිටියේ මෙම වැඩසටහනට සමගාමීව ලංගම සහ පෞද්ගලික විශේෂ බස් රථ සේවාවක්ද රාත්‍රී 12.00 දක්වා ක්‍රියාත්මක වන බවයි.
මෙම වැඩසටහන කැන්ඩි බ්රිශ් නයිට් (kandy breeze night) නමින් සෑම සති අන්තයකම ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවද ආණ්ඩුකාරවරයා වැඩිදුරටත් පැවසීය.