කොළඹ සිට බදුල්ල දක්වා ගමන් කිරීමට දේශීය ජනතාවගේ හා විදෙස් සංචාරකයන්ගේ පවතින අධික ඉල්ලුම හේතුවෙන් සති
අන්තයේ කොළඹ සිට බදුල්ල දක්වා නව දුම්රියක් ධාවනයට ඒක් කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව කියයි.
ELLA WEEKEND EXPRESS නමින් මෙම නව දුම්රිය ධාවනයට ඒක්වෙයි. ලබන 16 වැනි සෙනසුරාදා සිට ධාවනයට එක්කරන මෙම දුම්රිය සෑම සෙනසුරාදා දිනකම පෙ.ව. 5.30ට කොළඹ සිට බදුල්ල දක්වා ධාවනය කරයි.
නැවතත් ඒම දුම්රිය අගෝස්තු 17 දින සිට සෑම ඉරිදා දිනකම ප.ව. 01.45ට බදුල්ලේ සිට කොළඹ කොටුව දක්වා ධාවනය කිරීමට නියමිතය.