මෙම සතියේ ධනය දේපළ ඉපැයීම් මාර්ග මෙන්ම උරුම හිමිකම් අයිතිවාසිකම් හා කිසියම් ලාභ ප්‍රයෝජනාදියක් හිමිවන තම භාග්‍ය සම්පත් උදාවන, එසේම ජීවනෝපාය මාර්ගයන්, රැකියා ව්‍යාපාර යනාදිය හා තම දෛනික ජීවන ගමනේ බොහෝ අත්‍යාවශ්‍ය කාර්යයන්හී ප්‍රගතියක්, සාර්ථකත්වයක්, ස්ථාවරභාවයක් සතිය පුරා ගෙනදෙන, ගොඩනගන සතියේ ශුභඵලදායී ලග්න, වනුයේ මිථුන,කටක,සිංහ, ධනු,මකර,කුම්භ,මීන වැනි ලග්නයන්ය.
එබැවින් මෙවැනි ලග්නයකින් උපන් ඔබට මෙය සාරවත් හා ප්‍රයෝජනවත් වැඩවල නිරත විය හැකි සතියකි. ගතවූ සතියට වඩා ක්‍රමානුකූලව හා සැලසුම් සහගතව සිය කාර්ය කටයුතු කර ගැනීමට හැකි වන්නේය. අපේක්ෂිත මිල මුදල් ලැබේ. ආර්ථික හා දේපළ දියුණුව පිළිබඳ හිතවතෙකු සමග එක්වී සැලසුමක් සකස්කර ගනී. රැකී රක්ෂා රාජකාරිය කෙරෙන් මතුව තිබූ කිසියම් අතෘප්තිකර වාතාවරණය පහව යයි. රාජකාරී දැනුමද වැඩිදියුණු කර ගැනීමටත් ඉඩ ලැබේ. ව්‍යාපාරික කටයුතු සාමාන්‍ය පරිදි සිදුවේ. ව්‍යාපාරයට බලපා තිබූ සූක්ෂම උපක්රමකාරී සතුරු කුමන්ත්‍රණයක් හෙළිකර ගැනීමටත්, ඉන් මිදීමටත් හැකි වෙයි. තම විරුද්ධ ලිංගිකයා සමග සතුටුදායක ගමන්බිමන් විනෝද සවාරි යාමට ඉඩ ලැබේ. වැඩි වශයෙන් ප්‍රියයන් හා සමාගම් ඇති වේ. ප්‍රේම සබඳතාවලට බලපෑ බාධක හෝ විරුද්ධවාදීකම් වැනි දෑ වුව පහව යයි. ඔබ දින කිහිපයක් තිස්සේ බලාපොරොත්තු වූ දෙයක් ලැබීම නිසා සිත් සතුටට කරුණු සැලසේ. එමෙන්ම මහන්සියෙන් යම් වැඩක් කිරීමට සිදුවුවත් ඉන් සාර්ථක ඵල ලැබේ. සිත්තැවුල් සිත් කණගාටු වැනි දෑ පහව යයි. විශේෂ උත්සව වලට සහභාගී වීමට අවස්ථාව උදාවේ. සතුරුකම් කළ අයටත් ඔබ ගැන යම් පැහැදීමක් ඇතිවන සතියක් බව කිව යුතුය.
මෙම සතියේ තම අධ්‍යාපන කටයුතු දැනුම කුසලතාවයට සම්බන්ධ සියලු කාර්යයන් මෙන්ම ඊට සම්බන්ධ අරමුණු, සැලසුම් ගමන්බිමන්වලට අදාළ කාර්යයන් මෙන්ම තම දෛනික ජීවන ගමනේ බොහෝ අත්‍යාවශ්‍ය කාර්යයන්ට අවහිර බාධා ප්‍රමාදවීම් ඇතිකිරීමට හේතු ගෙනෙන ලග්න මේෂ, වෘෂභ වැනි ලග්නයන්ය.
එබැවින් මෙවැනි ලග්නයකින් උපන් ඔබ අධ්‍යාපනික වශයෙන් යම් යම් දේට සම්බන්ධ වීමට ගත් උත්සාහයක් ව්‍යර්ථ වීමට ඉඩ තිබෙන බැවින් ආත්ම විශ්වාසය බිඳ නොගන්න. ධෛර්යයෙන් ක්‍රියා කරන්න. නිශ්ඵල ගමන් වල යෙදීම හා අලසබවක් ඇතිවීම නිසා අධ්‍යාපන කටයුතු අතපසු වෙයි. අවබෝධ ඥානය ධාරණ ශක්තිය ඇති කළත්, බාහිර විවිධ අනවශ්‍ය දෑ හේතුවෙන් සිත්තැවුල් වලට නතු වීමෙන් ඉගෙනීම් කටයුතු ව්‍යාකූල වීමට වුව ඉඩ ඇත. අධිෂ්ඨානයෙන් කටයුතු කරන්න.
3)මේ සතියේ ආදර සබඳතා හා යුගදිවියේ මෙන්ම ගෘහජීවිතයේ කාර්යයන්ට අදාළව යම් යම් ප්රශ්නකාරී, ගැටලුකාරී ස්වභාවයන් මතුවන පැනනගින ලග්න වනුයේ මිථුන, කන්‍යා,තුලා, වෘශ්චික වැනි ලග්නයන්ය.
එබැවින් මෙවැනි ලග්නයකින් උපන් ඔබට මෙම සතියේදී ප්‍රේම දිවියේ හා යුග දිවියේ කටයුතු වලදී තම විරුද්ධ ලිංගිකයා සමග පැනනගින ගැටලුවලදී ඉක්මන් තීරණ ගැනීමෙන් වැළකී සිටින්න. විරුද්ධ ලිංගිකයාගේ චෝදනාවකට වුව ඔබ ලක්වේ. ඉවසීමෙන් කටයුතු කළ යුතු සතියකි.
විරුද්ධ ලිංගිකයන් අනවශ්‍ය ලෙස ආශ්‍රය කරන්නට යෑමෙන් අපවාද චෝදනා මෙන්ම පසුතැවීමට ලක්වන දෑ වුව සිදුවීමට ඉඩ ඇත. හැඟීම් වලට මුල්තැන දී කටයුතු නොකරන්න. තැන්පත් බව ගොඩනගා ගත යුතු සතියකි.
ඔබට මෙම සතියේදී තම හැකියා කුසලතා මැනවින් ක්රියාවේ යෙදවීමට අවස්ථාව ලැබේ. එසේම අන්‍යයන් අතර කැපී පෙනෙමින් කටයුතු කිරීමටත් හැකිවේ. දෛනික කටයුතු සැලසුම් කළ පරිදි සිදුවේ. ඉවසීමෙන් සිතා බලා ඥානාන්විතව කටයුතු කරන්න. තම තත්ත්වය හා කීර්තිය රැකගැනීම සඳහා දැරූ උත්සාහයක් ව්‍යර්ථ වීමෙන් සිතෙහි ව්‍යාකූලතාවයක් වුව හට ගැනීමට ඉඩ තිබේ.
බෙන්තොට-හේමන්ත.
www.isiwarajothisa.com