ගාල්ල දිස්ත්‍රික්කයේ පසුගිය දින 14ක කාලය තුල කොවිඩ් ආසාදිත රෝගීන් 395 දෙනෙකු හදුනාගෙන ඇති බැව් ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ.සිංගාරච්චි මහතා පවසයි.
පසුගිය දින 14ත් 28ත් අතර කොවිඩ් ආසාදිත රෝගීන් 606 දෙනෙකු වාර්තා වි ඇති බවද හෙතෙම පවසයි.
පළමුවැනි කොරෝනා රැල්ල ආරම්භ වි ගතවු කාලය තුල වැඩිම කොරෝනා ආසාදිත රෝගින් සංඛ්‍යාවක් වාර්තා වි ඇත්තේ ගාල්ල මහනගර සභා බල ප්‍රදේශයෙන් වන අතර එම සංඛ්‍යාව 418කි. එමෙන්ම ගතවු කාලය තුල අක්මිමන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාශයෙන් කොවිඩ් ආසාදිත රෝගීන් 86දෙනෙකු, අම්බලන්ගොඩින් 51 දෙනෙකු, බද්දේගමීන් 64 දෙනෙකු, බලපිටියෙන් 160 දෙනෙකු,බෝපේ පොද්දලින් 196 දෙනෙකු, ඇල්පිටියෙන් 58 දෙනෙකු, ගොනාපිනුවලින් 08 දෙනෙකු, හබරාදුවෙන් 126 දෙනෙකු, හික්කඩුවෙන් 17 දෙනෙකු, ඉමදුවෙන් 68 දෙනෙකු, ඉදුරුවෙන් 166 දෙනෙකු, කරන්දෙණියෙන් 75 දෙනෙකු වාර්තා වි ඇත.
නෙළුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාශයෙන් 132 දෙනෙකු, නියාගමින් 06 දෙනෙකු, රත්ගමින් 73 දෙනෙකු, තවලමින් 82 නෙකු, උඩුගමින් 30 දෙනෙකු, වැලිවිටියදිවිතුර ප්‍රදේශයෙන් 06 දෙනෙකු හා යක්කලමුල්ල ප්‍රදේශයෙන් 23 දෙනෙකු වාර්තා වි ඇති බවද ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යාඥවරයා පවසයි.
මේ වනවිට ගාල්ල දිස්ත්‍රික්කයේ නිවෙස්වල නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයින් 16018 දෙනෙකු සිය නිරෝධායන කාලය අවසන් කොට ඇත. තවදුරටත් පුද්ගලයින් 2569 දෙනෙකු නිවෙස්වල නිරෝධායනය වෙමින් සිටිති.