නිදහස් සෞඛ්‍ය ප්‍රතිපත්ති වඩාත් පුළුල් කරමින් නිදහස් සෞඛ්‍ය සේවාවේ ප්රතිලාභ රෝගීන් වෙත ලබාදීම අරමුණූ කර ගනිමින් 2019 වසරේ අයවැය ඉදිරිපත් කිරීමේ දී සෞඛ්‍ය සේවාව සඳහා යෝජනා රැසක් ඉදිරිපත් කරන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.
සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ මතුගම මීගහතැන්න හරන්කහපත විහාරස්ථානයේ සහ මතුගම ඕවිටිගල ප්‍රදේශයේ පැවැති ජනහමු දෙකකට එක්වෙමිනි.
එහිදි ඔහු සඳහන් කළේ,
පසුගිය වසර 03 තුල පිළිකා රෝගීන් සඳහා වැයවන මිල අධික ඖෂධ වියදම සීමාවකින් තොරව මුළු ජීවිත කාලය සඳහාම ලබාදීම, හෘද රෝගීන්ගේ හෘද සැත්කම් සඳහා අවශ්‍යවන ස්ටෙන්ස් නොමිලේ ලබාදීම, අක්ෂි රෝගීන්ගේ අක්ෂි සැත්කම් සඳහා අවශ්‍ය වන අක්ෂි කාච රජය විසින් නොමිලේ ලබාදීම, සියලුම රෝග පරීක්ෂණ රෝහල් වලින්ම සිදු කිරිම සහ රෝහලේ අදාල පරීක්ෂණ පහසුකම් නොමැති අවස්ථාවල බාහිර රසායනාගාර වලින් රජයේ වියදමින් එම පරීක්ෂණ සිදු කිරීම සෞඛ්‍ය අමාත්‍යවරයාගේ සංකල්පයක් මත ක්‍රියාත්මක වේ.
ඇතැම් සෞඛ්‍ය තීරණ ලබාගැනීමේ දී විවිධ බලපෑම් එල්ල වුනා. ඇතැම් වෛද්‍යවරුන් මෙම වැඩපිළිවෙලට සහයෝගය ලබාදුන්නත් ඇතැම් වෛද්‍යවරුන් ඊට විරුද්ධයි. ස්ටෙන්ස් අක්ෂි කාච නොමිලේ ලබාදීමේ වැඩපිළීවෙල හේතුවෙන් ඇතැම් වෛද්‍යවරුන්ට ලැබුණු කොමිස් මුදල් අඩුවීම හේතුවෙන් මාව විවේචනය කරනවා.
නමුත් මම මෙම ගමන නතර කරන්නේ නැහැ. තවත් ඖෂධ වර්ග 27 ක මිල ඉදිරියේ දී අඩු කරනවා. මේ වනවිට ඖෂධ වර්ග 73 ක මිල අඩු කර තිබෙනවා. ඖෂධ වර්ග 27 ක මිලත් අඩු කිරීම තුලින් වෙළෙදපොලේ භාවිත කරන විවිධ වෙළෙද නාමයෙන් යුත් ඖෂධ වර්ග 1000 ක පමණ මිල අඩු වෙන බව ඔහු සඳහන් කළේය.