විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාගේ පියාගේ පාලන සමයේදී එල්.ටී.ටී.ඊ සංවිධානයට මහා භාණ්ඩාගාරයෙන් චෙක්පත් ලියාදුන් බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අද (19) පාර්ලිමේන්තුවේදී පැවසීය.
හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා කුමාරතුංග මැතිණියගේ සමයේදී පත්කළ කොමිසමක් මගින් ඒ බව සනාථ වී ඇතැයිද ඔහු කීවේය.
එහිදී අමාත්‍යවරයා හා විපක්ෂනායකවරයා අතර මෙවැනි සංවාදයක් ඇති විය.
ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, අමාත්‍ය ප්‍රසන්න රණතුංග (ශ්‍රී.පො.පෙ) - නියෝජ්‍ය කතානායකතුමනි, මෙතුමා අවුරුදු ගණනක් පාර්ලිමේන්තුව නියෝජනය කරනවා. මේ වගේ පනතකට ඕනෑම කෙනෙක්ට සංශෝධන ගේන්න පුළුවන්. එහෙම ගේන්න ඕනෑ නම් ඔබතුමා ගේන්න. ඒකට උදව් කරනවද නැද්ද කියල අපි තීරණය කරන්නම්.
ඔබතුමාගේ පියාගේ කාලයේදී එල්.ටී.ටී.ඊ එකට මහා භාණ්ඩාගාරයෙන් චෙක්පත් ලියල දුන්නා. චන්ද්‍රිකා මැතිණියගෙ කාලෙදි ඒ ගැන කොමිසමක් පත්කරා තොරතුරු හොයන්න. ඒකෙන් ඒ කරුණු සනාථ වුණා. අද මිනිස්සුන්ගේ මතයක් තියෙනවා ඔබතුමන්ලට සල්ලි දෙන්නේ එල්.ටී.ටී.ඊ එකෙන් කියලා. මම කියන්නෙ නෑ ඒක ඇත්ත කියලා. මම කියන්නේ මිනිස්සු කියනවයි කියලා. මේ වගේ පනතක් ගේන එක හොඳයි. ඔබතුමා සංශෝධනයක් ගේන්න.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස - නියෝජ්‍ය කතානායකතුමනි, දෙවැනි ලෝක සංග්‍රාමයේදී හිට්ලර් ලඟ හිටපු අයටත් අවි ආයුධ දුන්නා. මුසලෝනි ළඟ හිටපු අයටත් මුදල් දුන්නා. ඒ වෙන මොනවත් නිසා නෙවෙයි. සතුරාගේ පිලේ බෙදීම් ඇති කරන්නයි. මගේ පියාගේ සමයේදී ප්රභාකරන් සමඟ විරසක වෙලා හිටපු මහත්තයා හා යෝගි කියන දෙන්න ශක්තිමත් කරලා එල්.ටී.ටී.ඊ එක බෙදන්න විවිධ උපක්‍රම ක්‍රියාත්මක කළා.
ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, අමාත්‍ය ප්‍රසන්න රණතුංග (ශ්‍රී.පො.පෙ) - ඔබතුමා වලිගය පාගගන්න එපා. මම කිව්වේ ඔබතුමන්ලට සල්ලි එන විදිය ගැන මිනිස්සු කියන කතායි. මෙවැනි පනතක් ගේන එක ඔබතුමන්ලට හොඳයි.