සජිත් සමග විවාදයකට ගෝඨාට ගැටලුවක් නෑ - නාමල්
අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා සමග විවාදයකට එක්වීමට ගෝඨාභය රාජපක්ෂ මහතාට ගැටලුවක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.
කෙසේ වෙතත් එම විවාදය සජිත් ප්‍රේමදාස මහතාගේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සළකා බැලීම සුදුසු බවද මන්ත්‍රීවරයා සඳහන් කරයි.
තම ට්විටර් ගිණුමෙන් ප්‍රකාශයක් කරමින් ඔහු තවදුරටත් පැවැසුවේ ඒ දක්වා සජිත් ප්‍රේමදාස මහතා සමග විවාදයකට තමන් සූදානම් බවයි.
සජිත් ප්‍රේමදාස මහතා පසුගියදා ගෝඨාභය රාජපක්ෂ මහතාට නොහැකි නම් අඩුම තරමේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා හෝ තමන් සමග විවාදයකට එන ලෙස අභියෝග කළේය.
Hon @sajithpremadasa: @PodujanaParty presidential candidate @GotabayaR has no problem w/debates but it's best to consider it after your manifesto is released so there's substance to debate. Until then, if you insist on a debate now, I'm ready. #SriLanka #PresPollSL pic.twitter.com/pzDJYrEYaX
— Namal Rajapaksa (@RajapaksaNamal) October 29, 2019
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

