සජිත් දිනුවොත් අගමැතිකම උඩරටට ඕනෑ - නවීන්
උඩරට ජනතාව ජනාධිපතිවරණයේදි සජිත් ප්‍රේමදාස මහතාට විජයග්‍රාහී ජයග්‍රහණයක් ලබා දී මැතිවරණයෙන් සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති කරනවානම් අගමැති කම උඩරටට අවශ්‍ය බව පැහැදිළිව ප්‍රකාශ කරන බව වැවිලි කර්මාන්ත අමාත්‍ය නවින් දිසානායක මහතා පවසයි.
අගමැතිකම තමාට අවශ්‍ය බව නොකියන බවත් ඒ කවුරුවුවද අගමැතිකම උඩරට පුද්ගලයෙකුට අනිවාර්යෙයන්ම ලැබිය යුතු බවද දිසානායක මහතා අවධාරණය කළේය.
අමාත්‍යවරයා මෙසේ පැවැසුයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා දිනවිම සඳහා මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක මහතා සංවිධානය කරමින් පොත්තපිටිය බස්නැවතුම්පොළ අසළදි පෙරේදා (27දා) පැවැත්වු ජන හමුවේදීය.
චමිල් රූපසිංහ

popular news
-
kapila Monday, 28 October 2019 01:09 PM
ජනපති පහතරට නම් අගමැති උඩරට වීම සාධාරණයි. අනේ රනිල් පව්.
Reply : 2 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

