විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා නිවාස අමාත්‍යවරයාව සිටියදී දිවයින පුරා ඉදිකිරීම් ආරම්භ කර වැඩ අවසන් නොකළ උදාගම්මාන 2,150 ක අඩක් ඉදිකිර ඇති නිවාස 39,815 ක වැඩ කඩිනමින් අවසන් කිරීමට නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශය තීරණය කර තිබේ.
විෂයභාර අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසන්නේ ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට නියමිත සූර්ය පැනල නිවාස ව්‍යාපෘතිය සහ ගමට බලාගාරයක් වැඩසටහන යටතේ විදේශීය ආයෝජකයකු මගින් එම නිවාසවල ඉදිකිරීම් සම්පූර්ණයෙන්ම අවසන් කරන බවයි.
සජිත් ප්‍රේමදාස මහතා නිවාස අමාත්‍යවරයාව සිටි 2015-2019 සිව් වසර තුලදි දිවයින පුරා උදාගම්මාන 2,158ක නිවාස ඒකක 42,610ක වැඩ ආරම්භ කර තිබුණි. නමුත් ඒවායේ වැඩ අවසන් කර තිබුනේ අර්ධ වශයෙනි. බොහෝමයක් නිවාස පදිංචියට සුදුසු තත්ත්වයේ නොතිබීම හේතුවෙන් ඒවායේ හිමිකරුවන් දැඩි අපහසුතාවයට පත්ව සිටින බවට පසුගිය සමයේදී තොරතුරු වාර්තාවී තිබුණි.
මෙම තත්ත්වය හේතුවී ඇත්තේ එක් උදාගම්මාන වැඩ සටහනක් සඳහා වෙන් කළ මුදල කොටස් වශයෙන් උදාගම්මාන කිහිපයක් සඳහා බෙදා දීම නිසවෙන් බවටද තොරතුරු අනාවරණය වී තිබේ.
2019 වසරේ දී නව රජය මෙලෙස සජිත් ප්‍රේමදාස මහතාගේ කාලයේ වැඩ අවසන් නොකර අතහැර දමා තිබූ උදාගම්මාන ගම්මාන 8 නිවාස 2,795ක වැඩ සම්පූර්ණයෙන්ම අවසන් කිරීමට පියවර ගත් බව ද අමාත්‍යවරයා පවසයි. රජයේ හා ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ මූල්‍ය ප්‍රතිපාදන යොදාගනිමින් එම ගම්මානවල වැඩ අවසන් කළ බව ද හෙතෙම කීවේය.
නමුත් කොවිඩ් -19 වයිරස ව්‍යාප්තිය හා රට මුහුණ දුන් ආර්ථික අර්බුධ හා අරගල හේතුවෙන් එම වැඩ පිළිවෙලද අතරමඟ නතර කිරීමට සිදුවූ බව ද ඔහු කියයි.