සංචරණ සිමා පනවා ඇති බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය යටතේ පාලනය වන චැපල්ටන් වත්තට අයත් පි.එස් කොටසේ පදිංචි වතු කම්කරුවන් 400 ක් (25) දින පි.සි.ආර් පරික්ෂණයට භාජනය කරනු ලැබුහ.
සංචරණ සිමා පනවා ඇති චැපල්ටන් පි.එස් කොටසින් මේ වන විට කොවිඩ් 19 වෛරසය අසාදනය වු අසාදිතයන් 16 දෙනෙකු හදුනාගෙන ඔහුන් නිරෝධායන මධ්‍යස්ථාන කරා යොමු කර ඇති අතර , අවු 78 ක අසාදිතයෙකු කොවිඩ් 19 වෛරසය අසාදනය විමෙන් වෛරසය උත්සන්න විමෙන් සහ නිදන්ගත රෝග හේතුවෙන් පසුගිය දා ජිවිතක්ෂයට පත් වු බව බගවන්තලාව මහජන සෞඛ්‍යය පරික්ෂක කදිරවේල් ජේ ගනේෂ් මහතා පැවසිය.
බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල බල ප්‍රදේශයෙන් මේ වන විට කොවිඩ් 19 වෛරසය අසාදනය වු අසාදිතයන් 100 කට අධික සංඛ්‍යාවක් හදුනාගෙන ඇති බවද මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා පැවසිය.