කටුනායක ගුවන් තොටුපළ අගෝස්තු 01දාට පෙර සංචාරකයන් සඳහා විවෘත කිරීමට හැකිවනු ඇතැයි ඇමති ප්‍රසන්න රණතුංග පැවැසීය.
මෙරට නව ඉන්දීයානු මහකොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා හා පැවැති සාකච්ඡාවකදී ගුවන් තොටුපොළ විවෘත කිරීම පිළිබඳව මහ කොමසාරිස්වරයා විමසා සිටි අවස්ථාවේදී අමාත්‍යවරයා මේ බව පැවැසීය.
අගෝස්තු 01 වෙනිදා ගුවන් තොටුපළ සංචාරකයන් සදහා විවෘත කිරිමට සැලසුම් කර ඇතත් විදේශගත ශ්‍රී ලාංකිකයන් දිවයිනට ගෙන්වා ගැනීමේ කටයුතු ඊට පෙර අවසන් වුවහොත් අගෝස්තු 01 වෙනිදාට පෙර කටුනායක ගුවන් තොටුපළ විවෘත කළ හැකි බව අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවැසීය.