සංචාරක වීසා සහිතව ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයක ගුවන් ගමන් බලපත්‍ර හිමි පුද්ගලයින්ට එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ඇතුළුවීම සඳහා අවසර ලබාදී තිබේ.
ඔවුන් අවසන් දින 14 තුළ එම රටවල සංචාරය කර නොමැති නම් පමණක් මෙම අවසරය හිමි වන බවයි එරට මාධ්‍ය වාර්තා කර සිටියි.
එම රටවල් අතරට ඉන්දියාව, නේපාලය, නයිජීරියාව, පාකිස්ථානය සහ උගන්ඩාව යන රටවල පුද්ගලයින් අයත් වන අතර ඔවුටද සංචාරක වීසා මත එක්සත් අරාබි එමිර් රාජ්‍යයට ඇතුළුවීමට අවසර හිමිව ඇත.
ඔවුන්ද අවසන් දින 14 තුළ එම රටවල සංචාරය නොකළ පුද්ගලයින් විය යුතු බවයි එරට මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර සිටියි.