සීගිරියට පැමිණෙන සංචාරකයන්ගේ ආරක්ෂාව සඳහා වෛද්‍ය ඒකකයක් පිහිටුවා එම ස්ථානයට ගිලන් රථයක් ලබාදෙන බව සංස්කෘතික කටයුතු හා උසස් අධ්‍යාපන අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා සඳහන් කළේය.
එම ස්ථානයේ ප්‍රථමාධාර ඒකකයක් තිබුණද, එහි විධිමත්ව කටයුතු සිදු නොවන බවද හෙතෙම පවසා සිටියේය.
මීට අමතරව පිරිසුදු කිරීමේ ගැටලු පවතින බවත්, මේ නිසා පොදු වැඩපිළිවෙලක් සකස් කිරීමට හෙට (20දා) පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, මධ්‍යම සංස්කෘතික අරමුදල හා සංචාරක මණ්ඩලය සමග විශේෂ සාකච්ඡාවක් පවත්වන බවද ඔහු පවසා සිටියේය.